Friday, April 26, 2024

General line - 0115112241

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ නව සභාපති මෙන්න

කසුන් කැළුම්




ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ නිලවරණයෙන් මෙවර සභාපති ධුරයට තිලංග සුමතිපාල පාර්ශ්වයෙන් තරග වැදුණු ශම්මි සිල්වා ජයග්‍රහණය කර තිබෙනවා.

මුළු ඡන්ද 142න් ශම්මි සිල්වා ලබාගෙන ඇති ඡන්ද සංඛ්‍යාව 83ක් වන අතර රණතුංග පාර්ශ්වයෙන් ඉදිරිපත් වූ ජයන්ත ධර්මදාස ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 56ක්.

ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව සභාපතිවරයා ලෙස ශම්මි සිල්වා තේරී පත්ව තිබෙනවා.

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ නිලවරණය කී‍්‍රඩා අමාත්‍යංශයේ ඩන්කන් වයිට් ශ‍්‍රවණාගාරයේදී අද (21) පෙරවරු 10.00ට ආරම්භ වුණා.

මේ අතර අද පැවති ඡන්ද විමසීමේදී ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට නව උප සභාපතිවරුන් දෙදෙනෙකු ද පත් වුණා. එහිදී රවීන් වික‍්‍රමරත්න ඡන්ද 82ක් සහ කේ. මතිවානන් ඡන්ද 80ක් ලබා ගත්තා.

කෙසේවෙතත් උප සභාපති ධුරයට තරග වැදුණු අමාත්‍ය අර්ජුණ රණතුංගට ලබාගත හැකි වූයේ ඡන්ද 72ක් පමණයි. රවීන් වික‍්‍රමරත්න තිලංග පාර්ශවයෙන් ද කේ. මතිවානන් රණතුංග පාර්ශවයෙන් ද තරග වැදුණා.