Thursday, March 28, 2024

General line - 0115112241

පොදු වයි-ෆයි සබඳතා සැපයීමට ශ‍්‍රී ලංකා ටෙලිකොම් Fontechහි මෘදුකාංග තෝරාගනී..රට පුරා hotspots 200,000ක් ස්ථානගත කිරීමටත් මුල පුරයි




Fontech හී වයි-ෆයි සේවා කළමනාකරණ ක‍්‍රමවේදය වන WSMP සහ connection manager ඇතුළත් ගනුදෙනුවක් සමගින් ස්පාඤ්ඤයේ මැඞ්රීඞ් පාදක කරගත් ලොව ප‍්‍රමුඛතම වයි-ෆයි සේවා සම්පාදයකයකු වන Fon ආයතනය සමග ජාත්‍යන්තර රෝමිං සේවා ගිවිසුමකට එලැඹීටම, ජාතික තොරතුරු සහ සන්නිවේදන තාක්‍ෂණ සැපයුම්කරු සහ රටේ ප‍්‍රමුඛතම බ්‍රෝඩ්බෑන්ඩ් සහ එම සේවා යටිතල සැපයුම්කරු වන ශ‍්‍රී ලංකා ටෙලිකොම් සමගම ඉකුත්දා ක‍්‍රියා කළේය. 

මෙමගින් SLTහී වයි-ෆයි සබඳතා පදනම, Fontech හී  WSMP වාහක ශ්‍රේණිය ආදියෙන් ශක්තිමත්ව, මෙරට තුළ  සීමාමායිම් රහිත වයි-ෆයි සබඳතා සඳහා හිමිකම් කියනු ඇත. ඒ සමගම SLT විසින් Fon සමග එළැඹි රෝමිං ගිවිසුම අනුව ලොව පුරා පිහිටි ස්ථාන මිලියන 23කදී  වයි-ෆයි හා සම්බන්ධ වීමේ අවස්ථාව සැලසේ.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ශ‍්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ ප‍්‍රධාන විධායක නිලධාරී කිත්ති පෙරේරා මහතා ‘ Fon සමගින් අපගේ මෙම සම්බන්ධවීම අප ගනුදෙනුකරුවන් වෙත විශිෂ්ට සබඳතාවක් සපයාදීමට අපට උපකාරී වේවි. Fon හී තාක්‍ෂණික දායකත්වය, ශ‍්‍රී ලංකාව තුළ පවතින අපේ සේවාව තුළ පමණක් නොවෙයි රටින් පිටතත් සීමා මායිම් නොමැති වයි-ෆයි සේවාවක් සැපයීමට හේතුවනවා. එසේම ලොව පුරා පිහිටි Fon හී මිලියන ගණනාවක් වූ hotspots  හා සම්බන්ධවීමට අප ගනුදෙනුකරුවන්ට හැකිවීම ගැන අපි ඉමහත් සතුටට පත්වෙනවා. ඒ සමගින්ම රටේ අන්තර්ජාල ව්‍යාප්තිය සඳහා රජයේ වන ඉලක්කයන් සාක්‍ෂාත් කරගැනීම පිණිස උපරිම සහය ලබාදීමටද මේ මගින් අපට හැකිවනවා’ යැයි පැවසීය. 

Fontech හී නම්‍යශීලී සහ පාරිභෝගිකයාට මනා ලෙස යෝග්‍ය වූ නවීනතම තාක්‍ෂණයේ සහයෙන්, පාරිභෝගික පරිශ‍්‍රයන්හීවන උපකරණ ( CPE) වෙත FTTH, ADSL සහ LTE ආදී ආකෘතීන්  ඒකාබද්ධ කිරීමට SLT වෙත හැකිවනු ඇත. ඒ ඔස්සේ   Mobile app,captive portal ,wispr (wireless internet service provider roamin)සහ EAP (Extensible authentication protocol) ආදිය හරහා සිය පාරිභෝගිකයන් වෙත  වයි-ෆයි hotspots හා සම්බන්ධවීමේ එකිනෙකින් වෙනස් වූ විකල්ප රැසක් සපයාදීමට SLT වෙත හැකියාව ලැබේ.

‘ශ‍්‍රී ලංකා ටෙලිකෝම් ආයතනය ඔවුන්ගේ වයි-ෆයි ක‍්‍රමෝපායන් වෙනුවෙන් අපගේ නව්‍යකරණය තාක්‍ෂණය යොදාගැනීම ගැන අපි ඉමහත් සතුටට පත්වෙනවා. වයි-ෆයි පරිසර පද්ධතියට අපගෙන් ලැබෙන දායත්වය පිළිබඳව මෙම ගනුදෙනුව ඉතා අගනා උදාහරණයක්. වයි-ෆයී ජාලයන් ඒකරාශී කිරීමේදී ‍Fonහී විශේෂඥභාවය අඛණ්ඩව පවත්වාගනිමින්, ලොව දැවැන්තම  ජාලය අඛණ්ඩව වර්ධනය වන බව සනාථ කෙරෙන අතරවාරයේ  සේවාවේ තාක්‍ෂණය වර්ධනය කිරීම සඳහා Fontech විසින් ඇපකැපවී ක‍්‍රියා කරනවා. අපගේ නවීනතම තාක්‍ෂණික විසඳුම් මගින් අප ගනුදෙනුකරුවන්ට ඔවුන්ගේ පාරිභෝගිකයන් වෙනුවෙන් අසමසම වයි-ෆයි අත්දැකීමක් ලබාදීමට හැකිවනවා’ යැයි Fon හී ප‍්‍රධාන විධායක නිලධාරී ඇලෙක්ස් ප්‍රොජර් විසින් මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ලදි.

මෙම සේවා ව්‍යාප්තිය 2019 වසරේ පළමු කාර්තුවේදී ඇරඹෙන අතර 2019 වසරේ අවසානය වන විට රට පුරා  hotspots 200,000 ස්ථානගත කරමින්, Fon හී ආසියානු කලාපයේ සිය සේවා පුළුල් කිරීමට මෙන්ම ඔවුන්ගේ ලොව පුරා පිහිටි hotspots ගණන තවදුරටත් වැඩි කිරීමට කටයුතු සිදුවනු ඇත.

Fon සහ Fontech

Fon යනු ලොව පුරා ව්‍යාප්ත වූ වයි-ෆයි ජාලයකි. මෙයට දශකයට ප‍්‍රථම, පුරෝගාමී ගෘහාශ‍්‍රිත වයි-ෆයි සම්පාදකයා බවට එය පත්වූ අතර, ටෙලිකොම් ක්‍ෂේත‍්‍රයේ ලොව ප‍්‍රමුඛතම සමාගම් සමග එකතුව hotspots මිලියන 23කින් සමන්විත ලොව දැවැන්තම වයි-ෆයි සමූහය ගොඩනැගීමටද Fon වෙත හැකිවිය. ගෘහාශ‍්‍රිත සහ ප‍්‍රමුඛ පොදු වයි-ෆයි  මෙන්ම වයි-ෆයි ජාලයන් අන්තර්සම්බන්ධ කරමින් සහසම්බන්ධිත සේවාවක් හරහා සීමා මායිම් රහිත සේවාවක් ජනතාව වෙනුවෙන් සැපයීමට එයට හැකිවිය. AT & T.British telecom,Eurona,KPN.Travel club and Virgin mobile discover  ආදිය ඔවුන්ගේ ගෝලීය ගනුදෙනුකරුවන් වේ. එම ආයතනය පිළිබඳ වැඩි විස්තර fon.com වෙබ් අඩවියෙහි දැක්වේ.

Fontech යනු Fon හී තාක්‍ෂණික අංශය වන අතර සේවා සම්පාදකයන් සහ ව්‍යාවසායකයන් වෙනුවෙන් වයි-ෆයි  මෙහෙයුම් සහ කළමනාකාරණය වඩාත් සුහුරු සහ සරල කිරීමට එයට හැකිව තිබේ. එහි මෘදුකාංග පදනම්කරගත් විසඳුම් සහ විශේෂඥ හැකියාවෙන් යුක්ත කණ්ඩායම මගින් එහි ගනුදෙනුකාර සමාගම්වෙත ඒවායෙහි පාරිභෝගිකයන් වෙනුවෙන් සුවිශේෂී වයි-ෆයි අත්දැකීම් හිමිකරදීමට හැකිවන පරිදි සුරක්‍ෂිත, ප‍්‍රමාන කළ නොහැකි මට්ටමේ සහ ආවේනික නම්‍යතාවයකින් යුතු සේවවක් මගින් බලගන්වයි. එය ලොව ඉහළම මට්ටමේ විදුලි සංදේශ සේවා සපයන Deutsche telekom group,softbank,telstra and vodafone group වැනි සමාගම් වෙත විශ්වාසනීය වයි-ෆයි මෘදුකාංග සපයන්නා ලෙසින් කටයුතු කරයි. fontech.com හී මේ පිළිබඳ වැඩි විස්තර අඩංගු වේ. 

ශ‍්‍රී ලංකා ටෙලිකොම් ගැන

ශ‍්‍රී ලංකා ටෙලිකොම් (SLT) යනු මෙරට ප‍්‍රමුඛතම ඩිජිටල් සේවා සම්පාදකයා වේ. එසේම එම සමාගම දේශීයව සියළුම ආර්ථික අංශයන් නියෝජනය කරනු ලබන ඉහළම ව්‍යවසායකයන්ට දේශීයව සහ ජාත්‍යන්තර වශයෙන් ඔවුන්ගේ ව්‍යාපාර මෙහෙයුම් පවත්වාගෙන යෑම සඳහා සීමාමායිම් රහිත, නවීනත්වයෙන් සපිරිව ප‍්‍රමුඛතම තොරතුරු සහ සන්නිවේදන තාක්‍ෂණ ජාලයන් සහ විසඳුම් සපයන්නා වේ. SLT සමූහය විසින් ඇමතුම්, ඩේටා, බ්‍රෝඞ්බෑන්ඞ්, තොග විකිණුම්, ව්‍යාවසායන්, කළමනාකරණ සේවා, ක්ලවුඞ්, රූපවාහිනී සේවා සහ ජංගම දුරකථන සේවා ඇතුළුව තොරතුරු සහ සන්නිවේදන කෂේත්‍රයේ සමස්ත පරාසයක සේවා එමගින් සම්පාදනය කරනු ලබයි.  SLT සමූහයේ මූලික ක‍්‍රමෝපායන පරමාර්ථය වනුයේ මීළඟ පරම්පරාවේ ජාල සහ ජාතික පසුබිම් ජාලය මෙන්ම ADSL2 + VDSL2.Optical fibre,Carrier grade wifi ද ඇතුළුව ස්ථාවර මෙන්ම ජංගම 4G LTE තාක්‍ෂණයන් ඔස්සේ මීළඟ පරම්පරාවේ බ්‍රෝඩ්බෑන්ඩ් ප‍්‍රවේශයන් සැපයීමයි. SLT හී අරමුණ වන්නේ බහුවිධ ජාත්‍යන්තර සමුද්‍රික කේබල් පද්ධති ඔස්සේ නවීණතම ගෝලීය සේවා සම්පාදනය කරමින් මෙම කලාපයේ ප‍්‍රධානතම සේවා සම්පාදකයකු බවට පත්වීමයි. ඒ උදෙසා  SEA-ME-WE3,SEA-ME-WE4,SEA-ME-WE5,Bharat lanka සහ Dhiraagu-SLT වැනි ජාත්‍යන්තර සබ්මැරීන් කෙබල් පද්ධති වෙනුවෙන් සමාගම විශාල ආයෝජනයක් සිදුකර ඇත. එම සමාගම පිළිබඳ වැඩි විස්තර සඳහා www.slt.lk වෙත පිවිසෙන්න