Friday, April 19, 2024

General line - 0115112241

නිළවරණයෙන් කවුරු දිනුවත් සංගා මහේලගේ යෝජනාව ක්‍රියාත්මක කරනවා - හරීන්

ලහිරු කපුගේ/කසුන් කැළුම්




කි‍්‍රකට් නිලවරණයෙන් කුමන පාර්ශවයක් ජය ගත්තද කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන ගෙනආ යෝජනා ඉදිරියට ගෙනයාමට කටයුතු කරන බව කී‍්‍රඩා අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු පවසනවා.

අද පැවති කි‍්‍රකට් නිලවරණයෙන් අනතුරුව කී‍්‍රඩා අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සදහන් කළා. 
 

අද පැවති ශී‍්‍ර ලංකා කි‍්‍රකට් නිලවරණයේදී සභාපති ධුරයට පත් වුණේ තිලංග සුමතිපාල පාර්ශවය නියෝජනය කළ ශම්මි සිල්වායි. ඒ, ඡන්ද 83 ක් ලබා ගනිමින්. ඒ අනුව රණතුංග පාර්ශවයෙන් සභාපති ධුරයට තරග වැදුණු ජයන්ත ධර්මදාස ඡන්ද 21 කින් පරාජයට පත් වුණා. ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ සභාපති ධුරයට තේරී පත් වූ ශම්මි සිල්වා මාධ්‍යයට මෙලෙස අදහස් පළ කළා.
 

මෙවර කි‍්‍රකට් නිලවරණයේදී උප සභාපති තනතුරු දෙක සදහා තේරී පත්වූයේ රවීන් වික‍්‍රමරත්න සහ කේ. මතිවානන්. රණතුංග පාර්ශවයෙන් සභාපති ධුරයට තරග වැදුණු අමාත්‍ය අර්ජුන රණතුංගට ජය ගැනීමට හැකියාව ලැබුණේ නැහැ. නිලවරණයෙන් අනතුරුව ඔහු මෙලෙස මාධ්‍යයට අදහස් පළ කළා.


කී‍්‍රඩා අමාත්‍යාංශයේ අද පැවති ශී‍්‍ර ලංකා කි‍්‍රකට් නිලවරණයට විශේෂ පොලිස් ආරක්‍ෂාවක්ද යොදවා තිබුණා.