Friday, March 29, 2024

General line - 0115112241

දකුණු අපි‍්‍රකානු පළමු ඉනිම ලකුණු 222 කට සීමා වෙයි

කසුන් කැළුම්




දෙවන ටෙස්ට් කි‍්‍රකට් තරගයේ දකුණු අපි‍්‍රකානු පළමු ඉනිම ලකුණු 222 කට සීමා කිරිමට ශී‍්‍ර ලංකා පන්දු යවන්නන් අද සමත් වුණා.

දකුණු අපි‍්‍රකානු පළමු ඉනිම වෙනුවෙන් ක්වින්ටන් ඩි කොක් ලකුණු 86 ක් සහ ඒඞ්න් මාක‍්‍රම් ලකුණු 60ක් රැස් කළා.

පන්දු යැවීමේදී කසුන් රාජිත සහ විශ්ව ප‍්‍රනාන්දු කඩුළු 3 බැගින් දවා ගැනීමට සමත් වුණා.

සිය පළමු ඉනිම කී‍්‍රඩා කරන ශි‍්‍ර ලංකා කණ්ඩායම මීට නොබෝ වේලාවකට පෙර කිසිවෙකු නොදැවී ලකුණු 25 ක් ලබා සිටියා.

තරගය පැවැත්වෙන්නේ පෝට්එලිසබෙත්හීදියි.