Thursday, March 28, 2024

General line - 0115112241

ලසිත් ඇඹුල්දෙණිය රෝහල් ගත කරයි

කසුන් කැළුම්




ශී‍්‍ර ලංකා යොවුන් දග පන්දු යවන කී‍්‍රඩක ලසිත් ඇඹුල්දෙණිය ආබාධයකට ලක්ව තිබෙනවා.

ඒ, දකුණු අපි‍්‍රකානු කණ්ඩායමට  එරෙහිව අද ආරම්භ වූ දෙවන ටෙස්ට් කි‍්‍රකට් තරගයේ පන්දු රකිමින් සිටියදීයි.

ඔහු මේ වනවිට ප‍්‍රතිකාර සදහා රෝහල්ගත කර ඇති බවයි වාර්තා වන්නේ.

අද තරගයේ පළමු ඉනිම කී‍්‍රඩා කළ දකුණු අපි‍්‍රකානු කණ්ඩායම ලකුණු 222 කට සීමා කිරීමට 
ශී‍්‍ර ලංකා පන්දු යවන්නන් සමත් වුණා. ක්වින්ටන් ඩි කොක් ලකුණු 86 ක් සහ ඒඞ්න් මාක‍්‍රම් ලකුණු 60ක් රැස් කළා. පන්දු යැවීමේදී කසුන් රාජිත සහ විශ්ව ප‍්‍රනාන්දු කඩුළු 3 බැගින් දවා ගැනීමට සමත් වුණා. 

පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන ශ්‍ රීලංකා කන්ඩායම දිනය අවසන් වන විට කඩුලු 3ක් දැවී ලකුණු 60ක් රැස්කරගෙන සිටියා.