Wednesday, April 24, 2024

General line - 0115112241

පාර්ලිමේන්තුවේ ගැටුම පිළිබඳ වාර්තාව කතානායකට - වැඩිම වැරදි කළ මන්‍ත්‍රීන්ගේ ලයිස්තුවත් එළියට

දිල්ශාන් තුෂාර




පාර්ලිමේන්තුවේ ඉකුත් දා ඇතිවූ ගැටුම් සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ කමිටු වාර්තාව අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනවා. 

අදාළ වාර්තාව සකසන ලද්දේ නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරිගේ ප‍්‍රධානත්වයෙන් යුත් කමිටුවක් විසින්. එම කමිටුවට අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර, පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් වන චමල් රාජපක්ෂ, චන්ද්‍රසිරි ගජධීර, බිමල් රත්නායක සහ මාවෙයි සේනාධිරාජා ඇතුළත්ව සිටියා. පාර්ලිමේන්තු සභා ගර්භයේ ඉකුත් දා ඇතිවූ ගැටුමට සම්බන්ධ මන්තී‍්‍රවරුන් 59දෙනෙකු පිළිබඳ කි‍්‍රයාමාර්ග ගත යුතු බව එම කමිටුව කතානායක කරු ජයසූරිය මහතාට ලබා දුන් වාර්තාවේ දැක්වෙන බව සදහන්. 

පාර්ලිමේන්තු සභා ගර්භයේ දින 03කදී සිදුවූ මෙම ගැටුම් ඇතුළු සිද්ධීන් පිළිබඳ සංස්කරණය නොකළ වීඩියෝ දර්ශනද උපයෝගී කර ගනිමින් මෙම වාර්තාව සකස් කර තිබෙනවා. මෙම වාර්තාවේ ඇතුළත් මන්තී‍්‍රවරුන් 59දෙනා අතරින් විවිධ චෝදනා යටතේ වැඩිම වාර ගණනක් නම සඳහන්ව ඇත්තේ එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්තී‍්‍ර ප‍්‍රසන්න රණවීරගේයි. ජොන්ස්ටන් ප‍්‍රනාන්දු සහ පද්ම උදයශාන්ත යන මන්තී‍්‍රවරුන්ටද වැඩි චෝදනා සංඛ්‍යාවක් එල්ල වී තිබෙනවා.

මෙම මන්තී‍්‍රවරුන් 59දෙනා අතරට නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම සහ රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක ද ඇතුළත්ව සිටිනවා.