Friday, April 19, 2024

General line - 0115112241

පොලිස්පති පූජිතගේ කටහඬ පරීක්ෂණයේ වාර්තාව අධිකරණයට

දිල්ශාන් තුෂාර




ප‍්‍රභූ ඝාතන කුමන්ත‍්‍රණ සිද්ධියට අදාළ විමර්ශන යටතේ පොලිස්පති පූජිත් ජයසුන්දරගෙන් ලබාගත් කටහඩ සාම්පල වාර්තාව අධිකරණය වෙත යොමුකර තිබෙනවා. 

රජයේ රස පරීක්‍ෂක ඒ. වැලිඅංග නෙත් නිවුස් වෙත කියාසිටියේ එම වාර්තාව කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණයට භාරදුන් බවයි. ප‍්‍රභූ ඝාතන කුමන්ත‍්‍රණ සම්බන්ධයෙන් හෙළිකළ දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්‍ෂ නාමල් කුමාරගේ ජංගම දුරකතනයේ මකා දැමන ලද හඩපට හොංකොංහිදී ඉකුත්දා ප‍්‍රතිඋත්පාදනය කළා. 

අදාළ දුරකතන සංවාදවල පොලිස්පතිවරයාගේ හඩපටද ඇත්ද යන්න තහවුරු කර ගැනීම සදහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් ඒවා රජයේ රස පරීක්‍ෂක දෙපාර්තමේන්තුව වෙත භාරදී තිබුණා. කෙසේවෙතත් පොලිස්පතිවරයාගේ කටහඩ සම්බන්ධයෙන් සිදුකළ පරීක්‍ෂණ වාර්තාව අධිකරණයට ඉදිරිපත් වී ඇති බැවින් ඒ පිළිබද කිසිවක් ප‍්‍රකාශ කළ නොහැකි බව රජයේ රස පරීක්‍ෂක ඒ.වැලිඅංග පැවසුවා.