Saturday, April 20, 2024

General line - 0115112241

ශ්‍රීලනිපය සහ පොහොට්ටුව අතර නව සන්ධානය තවත් මාසයකින්




ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය සහ ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ අතර නව සන්ධානය මාසයක පමණ කාලය තුළදී පිහිටුවීමට හැකිවනු ඇති බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර එස් බී දිසානායක පවසනවා. ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපති, විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා අතර ඊයේ රාති‍්‍රයේ පැවති සාකච්ඡාව සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්තී‍්‍රවරයා මේ බව කියාසිටියා.

 

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මෙම සාකච්ඡාවට එක්ව නොමැති බව මාධ්‍යවේදීන් කළ ප‍්‍රශ්න කිරීමකදි පාර්ලිමේන්තු මන්තී‍්‍ර එස් බී දිසානායක පැවසුවේ.

 

ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ හිටපු මහලේකම් මහාචාර්ය රෝහණ ලක්‍ෂ්මන් පියදාසද සාකච්ඡුාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කළා.