Tuesday, March 26, 2019
Hotline - 0770586666

දළදා හිමියන්ට අගෞරවයක් ? මහනුවර වීථි සැණකෙළිය ආන්දෝලනයට

සමන්ත කුමාර/ සජිත් තිලකරත්න/පසන් වික්‍රමතිලක

2840Views

මහනුවර නගරයේ ‘කැන්ඩි නයිට් මාර්කට්’ නමින් ආරම්භ කර ඇති රාති‍්‍ර විථි සැණකෙළිය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා, අග‍්‍රාමාත්‍යවරයා ඇතුළු වගකිවයුත්තන් වහාම සොයා බැලිය යුතු බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර පද්ම උදයශාන්ත පවසනවා. එම වැඩසටහන මගින් දළදා වහන්සේට අගෞරවයක් සිදුවන බවයි මන්තී‍්‍රවරයා පෙන්වා දෙන්නේ.

 

මෙම චෝදනාව සම්බන්ධයෙන් නෙත් නිවුස් මධ්‍යම පළාත් ආණ්ඩුකාර ජනාධිපති නීතිඥ මෛතී‍්‍ර ගුණරත්න ගෙන් විමසීමක් කළා. ඔහු කියාසිටියේ සෑම මසකම අවසන් සෙනසුරාදා සහ ඉරිදා දිනවල එම වැඩසටහන කි‍්‍රයාත්මක කරන බවයි.

 

කිසිදු මත්පැන් වර්ගයක් හෝ මත්ද්‍රව්‍යක් එහිදි අළෙවි නොකරන බවද ආණ්ඩුකාරවරයා කියාසිටියා.