Thursday, March 28, 2024

General line - 0115112241

ඉන්දියාව සහ පාකිස්ථානය අතර තත්ත්වය භයානකයි : ලෝක බලවතාගෙන් ප්‍රකාශයක්

දිනුක් හේවාවිතාරණ / ඉරේෂාන් සිරිවර්ධන




ඉන්දියාව සහ පාකිස්ථානය අතර ඇතිවි තිබෙන්නේ ඉතා භයානක තත්ත්වයක් බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර සිටිනවා.

ඊයේ (22) ධවල මන්දිරයේ පිහිටි ඕවල් කාර්යාලයේ සිය මාධ්‍යවේදින් සමග සාකච්ජාවකට එක්වු අමෙරිකානු ජනාධිපතිවරයා කියා සිටියේ කාශ්මිරයේ පුල්වාමා ප්‍රාන්තයේදි එල්ලවු ප්‍රහාරයෙන් පසු තත්ත්වය තවත් බැරැරුම් අතට හැරි ඇති බවයි.

"ඉන්දියාව සහ පාකිස්ථානය අතර පවතින්නේ භයානක තත්ත්වයක්. ගොඩක් මිනිසුන් මියගියා. අපි මෙය නතර කිරිමට මැදිහත් වන්න සුදානම්. ඒ වගේම මෙය ඉක්මනින් නතර වනවා දැකිම අපගේ කැමැත්ත" යැයි ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා මාධ්‍යවෙදින් සමග ප්‍රකාශ කර ඇති බව සදහන්.

"ඉන්දියාව ප්‍රබලයි. ඒ වගේම මේ ප්‍රහාරයෙන් ඔවුන්ගේ රටේ 50 දෙනෙකු මිය ගිහින් තිබෙනවා. මගේ රජයේ නිළධාරින් ඉන්දියාව සහ පාකිස්ථාන බළධාරින් සමග සාකච්ජා කරමින් සිටිනවා ඔවුන් අතර ඇතිවි තිබෙන තත්ත්වය සමථයකට පත් කිරිමට" අමෙරිකානු ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියා.

පුල්වාමා ප්‍රහාරයට වගකිව යුතු ඉස්ලාමිය අන්තවාදි සංවිධානයට පාකිස්ථානය ආරක්ෂාව සපයන බවට ඉන්දිය අගමැති නරේන්ද්‍ර මෝදි සිදුකළ ප්‍රකාශයට පාකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන් ද පිළිතුරු ලබාදුන් අතර එහිදි ඔහු කියා සිටියේ ඉන්දියාවෙන් ප්‍රහාරයක් එල්ල වුව හොත් ඊට තමන්ද ප්‍රතිප්‍රහාර එල්ල කරන බවයි.

රටවල් දෙක අතර ඇතිවි තිබෙන මතභේදාත්මක තත්ත්වය හමුවේ ජාත්‍යන්තර ප්‍රජාව හමුවේ පාකිස්ථානය හුදෙකලා කිරිම සදහා ඉන්දියාව මේ වන ව්ට ගත හැකි සෑම පියවරක්ම ගනිමින් සිටියි.

ඉන්දියාවට පාකිස්ථානයෙන් ආනයනය කරනු ලබන භාණ්ඩ මත සියයට 200ක බදු පැනවිමටත් ඊට අමතරව ඉන්දියාවේ සිට පකිස්ථානයට ගලා යන ගංගා ජලය සීමා කිරීම සදහා වේල්ලක් ඉදි කිරිමටද තිරණය කර ඇත.

ඊට අමතරව ඉදිරියේදි පැවැත්විමට නියමිත ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියෙන් පාකිස්ථානය ඉවත් කිරිම සදහා ඉන්දියාව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට බලපෑම් කරමින් සිටියි.