Saturday, April 20, 2024

General line - 0115112241

කංජිපානි ඉම්රාන්ගේ ලඟම ගෝලයෙක් අත්අඩංගුවට




ඩුබායිහිදී අත්අඩංගුවට ගැණුනු මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන කංජිපානි ඉම්රාන්ගේ ප‍්‍රධානතම ගෝලයෙකු කොළොන්නාව සාලමුල්ල ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ඒ, සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය සිදුකළ වැටලීමකදීයි. 

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මොහොමඞ් නවුෆර් මොහොඞ් අලී නමැති පුද්ගලයෙක්. ඔහු සතුව තිබී හෙරොයින් ග‍්‍රෑම් 10 යි මිලිග‍්‍රෑම් 480 ක් සොයාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය පැවසුවා.