Thursday, March 28, 2024

General line - 0115112241

හික්කඩුවට පැමිණෙන විදේශිකයන්ගේ මුදල් සොරා ගැනීමේ ජාවාරමක්

සමන්ත කුමාර/දිල්ෂාන් තුෂාර




හික්කඩුව ප‍්‍රදේශයේ සංචාරක නිකේතනවලට පැමිණෙන විදේශිකයන්ගේ මුදල් සොරා ගැනීමේ සංවිධානාත්මක වැඩපිළිවෙලක් කි‍්‍රයාත්මක බවට එම ප‍්‍රදේශයේ සංචාරක නිකේතන පවත්වාගෙන යන්නන් චෝදනා කරනවා. මීට දින දෙකකට පෙර එම ප‍්‍රදේශයේ නිවාඩු නිකේතනවල ලැගුම් ගෙන සිටි සංචාරකයන්ගේ මුදල් සොරා ගැනීමේ සිද්ධීන් කිහිපයක් වාර්තා වූ බවයි සංචාරක නිකේතනයක් පවත්වාගෙන යන පුද්ගලයෙකු නෙත් නිවුස් වෙත කියාසිටියා.

 

මෙවැනි සිදුවීම් මෙරට සංචාරක කර්මාන්තයට අහිතකර ලෙස බලපාන බවද ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නා.