Friday, March 29, 2024

General line - 0115112241

තරගයේ වීරයා වූ කුසල්ගෙන් විවේචනවලට උත්තර

දිනුක් හේවාවිතාරණ




ක‍්‍රිකට් පිළිබඳ දන්නා පිරිස් පමණක් තමන් සමඟ සිටි බව ශ‍්‍රී ලංකා පිතිකරු කුසල් මෙන්ඩිස් පවසනවා. අද (23) නිමා වූ දෙවන ටෙස්ට් තරගයේ වීරයා බවට පත් වූ කුසල් ඒ බව සඳහන් කළේ තරගයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්. ඉකුත් සමයේ සිය අසාර්ථකත්වයට සමාජජාල ඔස්සේ විවිධ විවේචන එල්ල කර තිබු බවයි කුසල් මෙන්ඩිස් මෙහිදී සඳහන් කළේ. 

අද තරගයේ දී  ඕෂද ප‍්‍රනාන්දු සමඟ එක්ව ශ‍්‍රී ලංකා කණ්ඩායම ජයග‍්‍රහණය කරා රැගෙන යමින් තමන් ඊට පිළිතුරු ලබාදුන් බවද කුසල් මෙන්ඩිස් සඳහන් කළා. සිය කණ්ඩායම තමන් පිළිබඳ තැබූ විශ්වාසයට ද ඔහු මෙහිදී සිය ස්තූතිය පළ කළා. අද නිමාව වූ දකුණු අප‍්‍රිකාවට එරෙහි දෙවන ටෙස්ට් ක‍්‍රිකට් තරගය ශ‍්‍රී ලංකාව ජය ගත්තේ කඩුලූ 08කින්. එහිදී ඉණිම් 07කට පසු අර්ධ ශතකයක් වාර්තා කළ කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 84ක් රැස් කිරීමට සමත් වුණා.