Thursday, April 25, 2024

General line - 0115112241

තරුණ ක්‍රීඩකයින්ගේ දක්ෂතාවය පුදුමසහගතයි : ජනපති ක්‍රිකට් පිළට සුභ පැතුම් එක් කරයි (PHOTOS)

දිනුක් හේවාවිතාරණ




දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව ඓතිහාසික ටෙස්ට් තරගාවලියක ජයග්‍රහණයක් හිමිකර ගත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සිය සුභාෂිංශන පළ කර සිටිනවා.

කුසල් ජනිත් පෙරේරා විසින් ක්‍රීඩා කළ ඉණිම විශිෂ්ඨත්වයේ ඉණිමක් ලෙස සනිටුහන් වී ඇති බවත් තරුණ ක්‍රීඩකයින් ගේ ශක්තිය පුදුමාකාර බවයි. එමෙන්ම ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න ප්‍රමුඛ සියළු දෙනාට සිය සුභ පැතුම් එක් කරන බවයි මෙහිදී ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා කියා සිටින්නේ.

ක්‍රීඩා ඇමැතිවරයාද ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට සිය සුභ පැතුම් එක් කරමින් කියා සිටියේ තැබූ පොරොන්දුව ඉටු කිරීම සම්බන්ධයෙන් තමන් ස්තුතිවන්ත වන බවයි.

මේ අතර හිටපු ක්‍රීඩකයින් වන මහේල ජයවර්ධන, කුමාර් සංගක්කාර ඇතුළු දෙස් විදෙස් ක්‍රීඩකයින් සහ විස්තර විචාරකයින් ශ්‍රී ලංකාවට සුභ පැතුම් එක් කර තිබුනේ මෙලෙසයි.