Friday, April 19, 2024

General line - 0115112241

"කුඩු චුටිට" වෙඩි තියු සැකකරු කොටු වෙයි

හේමන්ත කහවලගේ




මාකඳුරේ මධුෂ් සමඟ ඩුබායිහි දී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවකු වන කංජිපානි ඉම්රාන්ගේ ගොලයින් බව පැවසෙන පුද්ගලයින් දෙදෙනෙකු අද අත්අඩංගුවට ගැණුනා. ඉන් එක් අයෙකු වන මොහොමඞ් නවුෆර් අලී නමැත්තා අද (23) අලූයම අත්අඩංගුවට ගැණුනේ කොලොන්නාව සාලමුල්ල ප‍්‍රදේශයේදීයි. ග‍්‍රෑන්ඞ්පාස් මැල්වත්ත ප‍්‍රදේශයේ දී ඉකුත්දා කන්ජිපානි ඉම්රාන්ගේ අනියම් බිරිඳ වන ‘‘කුඩු චූටි’’ නමැති කාන්තාවට වෙඩි තබා ඇත්තේ ද මෙම සැකකරු විසින් බවයි අනාවරණ වී ඇත්තේ. 

මේ අතර කන්ජිපානි ඉම්රාන් සිදු කළ අපරාධ ගණනාවක වෙඩික්කරු ලෙස කටයුතු කළ අබ්දුල් ගෆාර් මොහොමඞ් රිස්වාන් නොහොත් ජී රිස්වාන් නමැත්තා ද කොළඹ ජම්පටා වීදිය ප‍්‍රදේශයේ දී අද අත්අඩංගුවට ගැණුනා. ඒ, කොළඹ අපරාධ කොට්ඨාසය විසින්. එම සැකකරු සතුව තිබී හෙරොයින් සහ අත්බෝම්බයක් සොයා ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පැවසුවේ.