Monday, September 23, 2019
Hotline - 0770586666

'කොකේන් කමිටුවේ කොකේන් චෝදනා එල්ල වූ කෙනෙකුත්' - රන්ජන්ගෙන් තවත් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

ලහිරු කපුගේ

2357Views

 

 

 


විෂ මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වූ මන්ත‍්‍රීවරුන් පිළිබඳ තමන් කළ ප‍්‍රකාශය සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක නෙත් නිවුස් වෙත තවත් ආන්දෝලනාත්මක ප‍්‍රකාශයක් සිදු කළා.

ඒ අදාළ චෝදනා සම්බන්ධයෙන් විමර්ශන සිදු කිරීමට පත් කළ කමිටුව පිළිබඳවයි.

රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක එහිදී කියා සිටියේ මෙම කමිටුවට කොකේන් මත්ද්‍රව්‍ය චෝදනා එල්ල වූ මන්ත‍්‍රීවරයෙකු ද පත් කිරීමට යෝජනා වූ බවයි.  

එහිදී "මේ කමිටුවට කමිටුවේ අනෙක් සාමාජිකයින්ට නොදැනී කොකේන්වලට චෝදනා කෙරුනු කෙකෙත් ඇතුළත් වෙලා හිටියා. මම අගමැතිතුමාට ගිහින් කිව්වා...කමිටුවට යෝජනා කරලා තියෙන පුද්ගලයෙකුටත් මේ වගේ චෝදනාවක් තියෙනවා කියලා. එතුමා මගේ වචනය පිළිඅරන් ක්ෂණිකව ඒ පුද්ගලයාව අයින් කළා.  පස්සේ වෙන කෙනෙක්ව දැම්මා. " යනුවෙන් සඳහන් කළා.

වරදකරුවන්ට එරෙහිව තමන් පාට හෝ පක්ෂ භේදයකින් තොරව කටයුතු කරන බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ. 

මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල ඊයේ (23) ප‍්‍රකාශ කළේ විෂ මත්ද්‍රව්‍ය ලබා ගන්නා කිසිදු මන්ත‍්‍රීවරයෙකු පාර්ලිමේන්තුවේ නොමැති බවයි.