Thursday, March 28, 2024

General line - 0115112241

නව සභාපති ක්‍රිකට් කණ්ඩායමට දුරකතන ඇමතුමක් දී සුබ පතයි

කසුන් කැළුම්




දකුණු අප‍්‍රිකාවේදී ඓතිහාසික ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලි ජයග‍්‍රහණයක් ලැබූ ශ‍්‍රී ලංකා කණ්ඩායමට ක‍්‍රිකට් ආයතනයේ නව සභාපති ශම්මි සිල්වා සුබ පැතුම් පළ කර තිබෙනවා.

ජයග‍්‍රහණයෙන් පසු දුරකතනය ඔස්සේ දිමුත් කරුණාරත්න ඇතුළු ක‍්‍රීඩකයින්ට සහ පුහුණුකරු චන්දික හතුරුසිංහ අමතා නව සභාපතිවරයා මෙලෙස සුබ පැතුම් එක් කළ බවයි ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය පැවසුවේ.

ශ‍්‍රී ලංකා කණ්ඩායම දකුණු අප‍්‍රිකාවට එරෙහි ටෙස්ට් තරගාවලිය දෙකට බින්දුවක් ලෙස ජයගත්තේ එරටදී ටෙස්ට් තරගාවලි ජයග‍්‍රහණයක් ලැබූ පළමු ආසියානු කණ්ඩායම බවට පත්වෙමින්.