Friday, April 26, 2024

General line - 0115112241

දකුණු අප්‍රිකා ක්‍රිකට් කණ්ඩායම පස්සට යයි

කසුන් කැළුම්




ශ‍්‍රී ලංකාව හමුවේ ලද ටෙස්ට් තරගාවලි පරාජයත් සමග දකුණු අප‍්‍රිකාව ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් සටහනේ ස්ථානයක් පසුබැස තිබෙනවා.

තරගාවලිය ආරම්භ වීමට පෙර දකුණු අප‍්‍රිකාව එම සටහනේ පසුවුණේ දෙවන ස්ථානයේයි. ඊයේ (23) ලද තරගාවලි පරාජයත් සමග ඔවුන් 03 වන ස්ථානය දක්වා පසුබැස තිබෙනවා.

දකුණු අප‍්‍රිකානු කණ්ඩායමට එරෙහි ඓතිහාසික ටෙස්ට් තරගාවලි ජයග‍්‍රහණයක් වාර්තා කළ ශ‍්‍රී ලංකා කණ්ඩායම තවදුරටත් 06 වන ස්ථානයේ රැදෙමින් සිය ප‍්‍රසාද ලකුණු සංඛ්‍යාව වැඩි කර ගැනීමට සමත් වුණා.

ඒ, ප‍්‍රසාද ලකුණු 04කින්. ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානය ඉන්දීය කණ්ඩායමට හිමිව ඇති අතර දෙවන ස්ථානය නවසීලන්තයට හිමිව තිබෙනවා.