Friday, April 26, 2024

General line - 0115112241

කුසල් - ඕෂද සහ නිරෝෂන් ශ්‍රේණිගත කිරීම් වලින් ඉහළට

දිනුක් හේවාවිතාරණ




දකුණු අප්‍රිකාව සමග අවසන් වූ ටෙස්ට් තරගාවලියෙන් පසු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීමේ 
ප්‍රසාධ මට්ටමෙන් ඉහළට පැමිණීමට කුසල් මෙන්ඩිස්, ඕෂද ප්‍රනාන්දු සහ නිරෝෂන් දික්වැල්ල සමත්ව තිබෙනවා.

දෙවන ටෙස්ට් තරගයේදී නොදැවී ලකුණු 84ක් ලබා ගනිමින් තෙවන කඩුල්ල සඳහා ඕෂද ප්‍රනාන්දු සමග ලකුණු 163ක නොබිඳුනු සම්බන්ධතාවයක් පැවැත්වූ කුසල් මෙන්ඩිස් ටෙස්ට් පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීමේ 18 වන ස්ථානය හිමිකර ගැනීමට සමත්ව තිබෙනවා. මෙම තරගාවලිය ආරම්භයේදී ඔහු ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීමේ 29 ස්ථානයේ පසු විය.

එමෙන්ම නවක ක්‍රීඩක ඕෂද ප්‍රනාන්දු ප්‍රසාධ ලකුණු 455ක් ලබා ගනිමින් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීමේ 65 වන ස්ථානයට පැමිණීමට සමත්ව ඇති අතර ඔහු තරගාවලිය ආරම්භයේ පසුවූයේ 100 වන ස්ථානයෙයි.

දෙවන ටෙස්ට් තරගයේ පළමු ඉණිමේදී ලකුණු 42ක් ලබා ගත් නිරෝෂන් දික්වැල්ල 37වන ස්ථානයට පත්ව ඇති අතර ඔහු ඊට පෙර පසුවූයේ පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම් වලට අනුව 45වන ස්ථානයේ.

තරගාවලියේ වැඩිම කඩුළු ලාභියා බවට පත්වූ විශ්ව ප්‍රනාන්දු පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම් වලට අනුව 43 වන ස්ථානයටත් සුරංග ලක්මාල් 30 වන ස්ථානයටත් හිමිකම් කීමට සමත්ව තිබෙනවා.