Saturday, April 20, 2024

General line - 0115112241

ජනපති සාලියපුර ගජබා රෙජිමේන්තු මුලස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක (PHOTOS)




ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (25) පෙරවරුවේ අනුරාධපුර සාලියපුර ගජබා රෙජිමේන්තු මූලස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.රෙජිමේන්තු මූලස්ථානය වෙත පැමිණි ජනාධිපතිවරයාව යුධ හමුදා මාණ්ඩලික ප්‍රධානී හා ගජබා රෙජිමේන්තු ප්‍රධානී මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා විසින් පිළිගනු ලැබුවා.

මෙම නිරීක්ෂණ චාරිකාව අතරවාරයේ දී නේවාසික ආබාධිත රණවිරුවන්ගේ සුවදුක් විමසීමට එක් වූ ජනාධිපතිතුමා ඔවුන් සමග සුහද කථා බහක නිරත විය. 

ආබාධිත රණවිරුවන් වෙනුවෙන් කඳවුරු පරිශ්‍රයේ ඉදිකර තිඛෙන ජල චිකිත්සක නව පිහිනුම් තටාකය ද මෙහි දී ජනාධිපතිතුමාගේ නිරික්ෂණයට ලක් විය. 

ජනාධිපතිතුමාගේ සම්ප්‍රාප්තිය සනිටුහන් කරමින් කඳවුරු පරිශ්‍රයේ නා පැළයක්  රෝපණය කෙරුණු අතර ප්‍රදේශවාසී ජනතාව විශාල පිරිසක් ද ජනාධිපතිතුමා දැක බලා ගැනීමට කඳවුරු පරිශ්‍රය වෙත පැමිණ සිටි අතර ඔවුන්ගේ ගැටලූ කිහිපයක් ද ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ. 

සාලියපුර ග්‍රාමීය රෝහලේ අඩුපාඩු සම්පුර්ණ කර ගැනීම ඇතුථ එම ගැටලූ පිළිබඳ සොයා බලා කඩිනමින් ඒවා ඉටුකරදීම සදහා උතුරු මැද පළාත්ආ ණ්ඩුකාරවරයා ඉදිරි දිනවල දී ප්‍රදේශයට එවන බවට ජනාධිපතිතුමා එහි දී ජනතාවට පොරොන්දු විය.