Wednesday, April 24, 2024

General line - 0115112241

නව ක‍්‍රිකට් සභාපතිගෙන් ක‍්‍රීඩකයින්ට අවවාදයක්

කසුන් කැලුම්




ක‍්‍රිකට් ක‍්‍රීඩකයින් ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍යවලින් බැහැර වුවහොත් ඔවුන්ට පීඩනයකින් තොරව ක‍්‍රීඩා කිරීමට හැකි වනු ඇතැයි ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා පවසනවා. ඔහු එම අදහස් පළ කළේ ක‍්‍රිකට් ආයතනයේ අද (25) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. ක‍්‍රීඩකයින් තේරීමේදී සිදු වූ ගැටළු හේතුවෙන් ඉකුත් කාල සීමාවේදී මෙරට ක‍්‍රිකට් ක‍්‍රීඩාව පසුබෑමකට ලක්වූ බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා ද මෙහිදී අදහස් පළ කළා. 

මේ අතර තරග 05කින් සමන්විත ශ‍්‍රී ලංකා - දකුණු අප‍්‍රිකා එක්දින තරගාවලිය ලබන 03 වනදා ජොහැන්නස්බර්ග්හිදී ආරම්භ වනවා. එම තරගාවලියට පෙර ශ‍්‍රී ලංකාව ලබන 28 වනදා පුහුණු එක්දින තරගයකට ද එක්වීමට නියමිතයි.