Saturday, April 20, 2024

General line - 0115112241

"අධිකරණය කුමන තීන්දුවක් ප්‍රකාශ කරයිදැයි මෙතෙක් පැහැදිළි නෑ" - අමල් සහ පුත්‍රයා ගැන පවුලේ නීතිඥයා හෙළිකරයි




මාකඳුරේ මදූෂ් සමග ඩුබායිහි දී අත්අඩංගුවට ගැණුනු ගායන ශිල්පී අමල් පෙරේරා සහ ඔහුගේ පුත් නදීමාල් පෙරේරා සම්බන්ධයෙන් එරට අධිකරණය කුමන් තීන්දුවක් ප‍්‍රකාශයට පත් කරයිද යන්න මෙතෙක් පැහැදිළි නොමැති බව ඔවුන්ගේ පවුලේ නීතිඥ ශාබ්දික වෙල්ලපුලි පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ ඊයේ (25) රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් වැඩසටහනට එක්වෙමින්. 

ලබන 28 වැනිදට පෙර ඔවුන්ට එරෙහි විමර්ශන වාර්තාව ලැබුණහොත් අමල් පෙරේරා සහ නදීමාල් පෙරේරා වෙනුවෙන් ඇප අයදුමක් ඉදිරිපත් කිරීමට තමන් බලාපොරොත්තු වන බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.

ශ‍්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී, විදේශ සබඳතා හා පරිපාලන පී. ජී. ජී. එස්. යාපා ද මෙම වැඩසටහනට එක්වුණා. මෙම සිද්ධියේ විමර්ශන සම්බන්ධයෙන් ඔහු ද අදහස් පළ කළා. 

ඊයේ රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් මෙම සම්පූර්ණ වැඩසටහන පහතින් ශ‍්‍රවණය කළ හැකියි.