Friday, April 19, 2024

General line - 0115112241

උතුරු කොරියානු නායකයා වියට්නාමයට

හර්ෂිකා සංජීවනී - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් සමග දෙවන සමුළුවට සහභාගී වීම සඳහා උතුරු කොරියානු නායක කිම් ජොංග් උන් අද (26) අලුයම වියට්නාමයට පැමිණ තිබෙනවා.

උතුරු කොරියාවේ සිට චීනය හරහා පැය 60කට අධික කාලයක දුම්රිය ගමනකින් පසුව ඔහු ඇතුළු නියෝජිත පිරිස වියට්නාමයේ ඩොංඩැන් දුම්රිය ස්ථානයට ළගා වූ බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

මෙම සමුළුවට සහභාගී වීම සඳහා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් ඊයේ (25) රාත‍්‍රියේ වොෂින්ටනයෙන් පිටත් වී තිබෙනවා. ඔහු ද අද පස්වරුවේ හැනෝයි නුවරට ළගා වීමට නියමිතයි.