Saturday, April 20, 2024

General line - 0115112241

සනත් ජයසුරියට ICC යෙන් වසර දෙකක තහනමක්

දිනුක් හේවාවිතාරණ




ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දුෂණ සංග්‍රහයේ වගන්ති දෙකක් කඩ කිරීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රිකට් තේරීම් කමිටු සභාපති සනත් ජයසූරියට වසර දෙකක තහනමක් පනවා තිබෙනවා. 

එම තහනමට අනුව සනත් ජයසූරියට හට ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධ කිසිදු කටයුත්තකට සහභාගී වීමේ අවකාශ අහිමිවන බවයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කරන්නේ.

ICC දුෂණ මර්ධන ඒකකය විසින් පවත්වනු ලැබූ විමර්ශනයට අදාළව අවශ්‍ය කරනු ලබන ලියවිලි ලබා නොදීම, එම විමර්ශනයන් සඳහා සහයෝගය නොදැක්වීම සහ එම තොරතුරු සඟවා තැබීම, විනාශ කිරීම සම්බන්ධයෙන් සනත් ජයසූරියට එරෙහිව එල්ලවී ඇති චෝදනා වනවා.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දුෂණ මර්ධන ඒකකයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ඇලෙක්ස් හෙල්ස් ප්‍රකාශ කර සිටියේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් දුෂණ සම්බන්ධයෙන් ලබා දුන් පොදු සමා කාලය තුලදී ක්‍රීඩකයින් සහ නිලධාරීන් රැසක ගෙන් වැදගත් කරුණු රැසක් අනාවරණය කර ගැනීමට හැකිවූ බවයි. 

එලෙස ලද තොරතුරු වලට අනුව දැනට සිදුකරමින් පවතින විමර්ශන දීර්ඝ ලෙස සිදුකිරිමට සහ නව විමර්ශන ආරම්භ කිරිමටත් හැකියාව ලද බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.

" යම් පුද්ගලයෙකුට එරෙහිව චෝදනාවක් එල්ල වී ඇති අවස්ථාවේ එම තැනැත්තා සිදුකරනු ලබන විමර්ශන වලට අදාළව ඉදිරිපත් වීම සහ සහයෝගය දැක්වීම වැදගත් කරුණක්. ක්‍රිකට් ක්‍රීඩාවේ සිටින දුෂිතයින් ඉන් ඉවත් කිරීම අපගේ ප්‍රමුඛ ක්‍රියාවක්. එමෙන්ම ශ්‍රී ලංකාවේ ක්‍රිකට් වංචා සම්බන්ධයෙන් තොරතුරු හෙළි කිරීම සඳහා ලබා දුන් පොදු සමා කාලය ප්‍රයෝජනයට ගනිමින් ක්‍රීඩකයින් 11 දෙනෙක් ඇතුළුව තවත් පිරිසක් අප හා සම්බන්ධ වුවා" යැයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දුෂණ මර්ධන ඒකකයේ ප්‍රධානියා වැඩිදුරටත් කියා සිටියා.