Friday, April 19, 2024

General line - 0115112241

තරග තහනම ගැන ජයසූරිය ප‍්‍රතිචාර දක්වයි

දිනුක් හේවාවිතාරණ / තරංග රුක්ෂාන් ජයසේකර




තමන්ට පැනවූ තරග තහනම සම්බන්ධයෙන් සුපිරි කි‍්‍රකට් කී‍්‍රඩක සනත් ජයසූරිය ප‍්‍රතිචාර දක්වා තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් ජයසූරිය පවසන්නේ ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලයේ දුෂණ මර්දනය ඒකකය යටතේ කළ පරීක්‍ෂණවලදි තමා සතු සිම් කාඞ්පත සහ ජංගම දුරකතනය කඩිනමින් පරීක්‍ෂණ සදහා ලබාදීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් චෝදනාව එල්ල වී ඇති බවයි. 

දුෂණ චෝදනා හෝ තරග පාවාදිම් සහ රහසිගත තොරතුරු අනාවරණ කිරීම සම්බන්ධයෙන් තමාට චෝදනා එල්ල වී නොමැති බව ඔහු පෙන්වා දෙනවා. සිය කී‍්‍රඩා ජීවිතය තුළ තමා මෙතෙක් උපරිම අවංක භාවයෙන් කී‍්‍රඩා කළ බව සදහන් කරන ජයසූරිය සෑම විටම තමාගේ රට ප‍්‍රධාන කර ගනිමින් කටයුතු කළ බවයි වැඩිදුරටත් ප‍්‍රකාශ කර ඇත්තේ.
 
සනත් ජයසූරියට කි‍්‍රකට් කී‍්‍රඩාවට සම්බන්ධ සියළු කටයුතු වසර දෙකකට තහනම් කිරීමට ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලය අද (26) තීරණය කළා. ඒ, ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලයේ දුෂණ සංග‍්‍රහයේ වගන්ති දෙකක් කඩ කිරීම හේතුවෙන්. ශී‍්‍ර ලංකාවේ කි‍්‍රකට් දුෂණ සිදුව ඇත්දැයි ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලයේ දුෂණ මර්දන ඒකකය සිදුකළ විමර්ශනයේදී ඊට අදාළ ලියකියවිලි ලබානොදීම හා ඒවා සගවා තැබීම ජයසූරියට එරෙහි චෝදනා අතරට අයත්.