Wednesday, April 24, 2024

General line - 0115112241

පිටිය මැද දී කුසල් තෝරා ගන්නා පන්දු පහරවල් ගැන විශේෂඥයෙකුගෙන් අනාවැකියක්

තරංග රුක්ෂාන්




කුසල් මෙන්ඩිස් ඉදිරියේදී ජාත්‍යන්තර කි‍්‍රකට් පිටියේ අතිදක්ෂ කී‍්‍රඩකයෙකු බවට පත් වනු ඇතැයි ශ‍්‍රී ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරු ස්ටීව් රික්සන් පවසනවා.

ඕස්ටේ‍්‍රලියානු ජාතිකයෙකු වන ඔහු පෙන්වා දෙන්නේ කුසල් මෙන්ඩිස් පිටියේදී තෝරා ගන්නා පන්දුපහරවල් ඉතා විශිෂ්ඨ බවයි. තවමත් 24 හැවිරිදි වියේ පසුවන කුසල් මෙන්ඩිස් කාලයත් සමග ලොව දීප්තිමත් කි‍්‍රකට් තරුවක් වනු ඇති බවටයි ස්ටීව් රික්සන් මත පළ කර ඇත්තේ. 

තරග කිහිපයක දැක්වූ දුර්වල කී‍්‍රඩා විලාශය හේතුවෙන් කුසල් මෙන්ඩිස්ට ඉකුත් සමයේ සමාජ මාධ්‍යයන්ගෙන් එල්ල වූයේ දැඩි විවේචනයක්. ඉකුත් දා අවසන් වූ දකුණු අපි‍්‍රකාවට එරෙහි දෙවන ටෙස්ට් තරගයේ ජයග‍්‍රහණයේ නියමුවා බවට ඔහු පත්වුණේ ඒ අතරතුරයි. කුසල් මෙන්ඩිස්ගේ එම ඉනිම පදනම් කර ගනිමින් ශ‍්‍රී ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරු ස්ටීව් රික්සන් මෙම අදහස් පළ කර තිබුණා.