Thursday, April 25, 2024

General line - 0115112241

ඉන්දීය ගුවන් හමුදාවට අයත් යානයක් කාශ්මීර ප්‍රදේශයට කඩා වැටේ - ගුවන් තහනම් කලාපයකුත්

පවිත්‍රා මධුහර්ශනී - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




කාශ්මීරයේ ඉන්දු පාකිස්තාන දේශ සීමාවට ඉහළ අහසේ ගුවන් තහනම් කලාපයක් ප‍්‍රකාශයට පත් කර තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය පැවසුවේ සියලූ වාණිජ ගුවන් යානා සඳහා එම ගුවන් කලාපය තාවකාලිකව සම්පූර්ණයෙන් වසා දමා ඇති බවයි.

ඉන්දීය ප‍්‍රහාරක ගුවන් යානා මෙම ගුවන් කලාපය තුළින් පියාසර කිරීම හේතුවෙන් වාණිජ ගුවන් යානා සඳහා එම ගුවන් කලාපය මෙලෙස තහනම් කර ඇති බවයි පැවසෙන්නේ. එම තත්ත්වය මතුවූයේ ඉන්දීය ගුවන් හමුදාව, පාකිස්තාන දේශ සිමා ආසන්නයේ පිහිටි ත‍්‍රස්ත ඉලක්ක වෙත ගුවනින් ප‍්‍රහාර එල්ල කිරීම ආරම්භ කිරීමත් සමගයි.

මේ අතර ජම්මු කාශ්මීර කලාපය තුලදී අද (27) ඉන්දීය ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටර් යානයක් කඩා වැටී තිබෙනවා. අනතුරෙන් යානය කොටස් දෙකකට වෙන්වී ගිනි ගැනීමට ද ලක්ව ඇති අතර යානයේ ගමන් ගත් නියමුවන් දෙදෙනෙකුගේ සිරුරු ද සොයා ගෙන ඇති බව සඳහන්.

මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ රුසියාවේ නිෂ්පාදනය කළ හෙලිකොප්ටර්  යානයක්. 

කෙසේවෙතත් ප‍්‍රකෝපකාරී තත්ත්වයන් තවත් උත්සන්න කිරීමට සිය රටට කිසිඳු අවශ්‍යතාවක් නැතැයි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය සුෂ්මා ස්වරාජ් ප‍්‍රකාශ කළා. අර්බුධකාරී තත්ත්වයන් මග හැර වගකීම් සහගතව කටයුතු කිරීම සිය අපේක්ෂාව බවයි චීනයේ සංචාරයක නිරත වී සිටින අවස්ථාවේ ඇය ප‍්‍රකාශ කර ඇත්තේ.