Wednesday, April 24, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා ක්‍රිකට් නායකත්වය යළි වෙනස් විය හැකියි - නායකත්වයට තේරෙන හැටිත් පැහැදිළි කරයි




එළඹෙන ලෝක කුසලානයේදී ශ‍්‍රී ලංකා එක්දින කි‍්‍රකට් කණ්ඩායමේ නායකත්වය යළි වෙනස් විය හැකි බව ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනයේ උප සභාපති රවීන් වික‍්‍රමරත්න පවසනවා. බොහෝ දුරට එම නායකයා ඇන්ජලෝ මැතිව්ස් විය හැකි බවයි ඔහු ප‍්‍රකාශ කළේ.

ඒ, නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් කණපිට වැඩසටහනට ඊයේ (26) රාති‍්‍රයේ එක්වෙමින්. 

මේ අතර කි‍්‍රකට් කී‍්‍රඩකයින්ගේ මානසික තත්ත්වය සම්බන්ධයෙන් ද ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනයේ උප සභාපති රවීන් වික‍්‍රමරත්න මෙහිදි අදහස් පළ කළා.

එහිදී ඔහු සඳහන් කළේ "ක්‍රීඩකයින්ගේ මානසිකත්වය බිඳීම පිළිබඳව පළමුවෙන්ම වගකිව යුත්තේ අපි අපිමයි. කණ්ඩායම ඇතුළේ තව තව කණ්ඩායම් හැදීමත් අහිතකරයි. " යනුවෙනි.

සංචාරක දකුණු අපි‍්‍රකානු කණ්ඩායම සමග පැවැත්වෙන එක්දින තරගාවලියේ ශ‍්‍රී ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරන්නේ ලසිත් මාලිංගයි. මෙම තරගාවලියට එක්ව සිටින කී‍්‍රඩකයින් බහුතරයක් ලෝක කුසලාන සංචිතයට ද එක් කරනු ඇති බවටයි වාර්තා පළ වන්නේ.
 

(නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් කණපිට සම්පූර්ණ වැඩසටහනට මෙතැනින් පිවිසෙන්න)