Thursday, April 18, 2024

General line - 0115112241

පාකිස්ථානයේ තහනම නිසා ගුවන් සේවා රැසක් අපහසුතාවයට පත් වෙයි

දිනුක් හේවාවිතාරණ




සිය ගුවන් සීමාව වසා දැමීමට පියවර ගැනීමත් සමග ජාත්‍යන්තර ගුවන් සේවා රැසක් පාකිස්ථානය වෙත සිය ගුවන් ගමන් නතර කිරීමට පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා. ඒ ඉන්දියාව සමග ඇතිව තිබෙන උණුසුම් තත්ත්වය හමුවේ පාකිස්ථානය ඊයේ (27) සිට වාණිජ ගුවන් ගමන් සඳහා සිය ගුවන් සීමාව තහනම් කිරීමට පියවර ගැනීමත් සමගයි. 

එමිරේට්ස්, කටාර් ගුවන් සේවය, එතිහාඩ්, ෆලයි ඩුබායි, ගල්ෆ් එයාර්, එයාර් කැනඩා මෙලෙස පාකිස්ථානය වෙත සිය ගුවන් ගමන් නතර කිරීමට පියවර ගෙන තිබෙන ගුවන් සේවා අතර ප්‍රමුඛස්ථානයක් ගෙන තිබෙනවා.

ඊට අමතරව බ්‍රිට්ෂ් එයාර්වේස්, සිංගප්පුර් ගුවන් සමාගම, ෆින් එයාර් සහ එයාර් ඉන්දියා ගුවන් සමාගම මෙම ගුවන් තහනම් කළාපය හේතුවෙන් සිය යුරෝපා ගමන් මාර්ගය සඳහා වෙනත් ගුවන් මාර්ග යොදා ගැනීමට ඊයේ දිනය සිදුවූ බව නිවේදනය කර තිබෙනවා.

යුරෝපය, මැදපෙරදිග සහ ආසියානු රටවල් කරා ගුවන් ගමන් පවත්වා ගෙන යනු ලබන ජාත්‍යන්තර ගුවන් සේවා පාකිස්ථාන ගුවන් කළාපය මග හැර යාමට සිදුව ඇති හෙයින් අමතර ඉන්ධන ලබා ගැනීම සඳහා සිංගප්පුරුව සහ බැංකොක් ගුවන් තොටුපළවල් වෙත ගොඩ බැස්වීමට සිදුව ඇති බවත් ඒ හේතුවෙන් අමතර පිරිවැයක් දැරීමට සිදුවීම නිසා ඉදිරියේ ඇතිවිය හැකි තත්ත්වය පිළිබඳව දැඩි විමසිල්ලෙන් සිටින බවයි සඳහන් කර ඇත්තේ.

මැදපෙරදිග හා යුරෝපයේ සිට පාකිස්ථානය වෙත යාමට බලාපොරොත්තුවෙන් සිටින ගුවන් මගින් විශාල පිරිසක් මේ හේතුවෙන් දැඩි අසරණ භාවයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.