Thursday, March 28, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත්ට එංගලන්තයෙන් කැඳවීමක් (VIDEO)

දිනුක් හේවාවිතාරණ




2019 වසරේ එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලිය සඳහා එක් වීමට ශ්‍රී ලංකාවේ ටෙස්ට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්නට අවස්ථාව හිමිව තිබෙනවා. ඒ හැම්ෂයර් ප්‍රාන්ත කණ්ඩායම නියෝජනය කරමින්.

දකුණු අප්‍රිකාව සමග පැවති ටෙස්ට් තරගාවලි ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවනු ලැබූ දිමුත් කරුණාරත්න සිය කණ්ඩායම සමග එක්වීම දැඩි සතුටට කරුණක් බව හැම්ෂයර් ප්‍රාන්ත කණ්ඩායම් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිනවා.

" ටෙස්ට් තරග 50 කට ක්‍රීඩා කර ශතක 8ක් සහ අර්ධ ශතක 22ක් සමග ලකුණු 4000 ක් ඉක්මවා ලබා සිටින වත්මන් ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායකයා  ICC ය විසින් නම් කරනු ලැබූ 2018 වසරේ ටෙස්ට් කණ්ඩායමට ඇතුලත් වන බැවින් තම ක්‍රීඩා සමාජයේ පළමු විදෙස් ක්‍රීඩකයා ලෙස දිමුත් කරුණාරත්න සමග ගිවිසුම් ගතවූ බව" හැම්ෂයර් ප්‍රාන්ත ක්‍රීඩා සමාජය සිය නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර සිටියි.

ඒ අනුව මාර්තු මස 25 වෙනිදා සිට දිමුත් කරුණාරත්න එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලිය නියෝජනය කිරීමට නියමිතව සිටියි.