Saturday, April 20, 2024

General line - 0115112241

ICC විමර්ශනයට සහය නොදැක්වුයේ ඇයි? - මහේල සනත්ගෙන් විමසයි

දිනුක් හේවාවිතාරණ




ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙක් සහ තේරීම් කමිටු සභාපතිවරයෙක් ලෙස කටයුතු කරනු ලැබූ සනත් ජයසූරියට එරෙහිව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් වසර දෙකක ක්‍රිකට් තහනමක් පැනවීම සම්බන්ධයෙන් හිටපු නායක මහේල ජයවර්ධන අදහස් දක්වා තිබෙනවා.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් මහේල ජයවර්ධන පවසා ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ ප්‍රියතම ක්‍රීඩකයෙකුට වසර දෙකක තහනමක් පැනවීම සැබවින්ම කණගාටුදායක දිනයක් බවයි. 

එමෙන්ම අනාගත පරපුර වෙනුවෙන් ක්‍රිකට් රැකදීම සඳහා දුෂිතයින් කවුරුන්ද යන්න සම්බන්ධයෙන් හෙළි කිරීමට ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරන කවුරු නමුත් ඉදිරිපත් විය යුතු බවත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් සිදුකරනු ලැබූ විමර්ශනයන්ට සහය නොදක්වුයේ මන්ද යන්න ගැන මහේල මෙහිදී විමසා ඇත.

ICC දුෂණ මර්ධන ඒකකය විසින් සිදුකරනු ලබන විමර්ශනයකට සහය නොදැක්වීම සහ සාක්ෂි විනාශ කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් සනත් ජයසූරියට වසර දෙකක තහනමක් පැනවීමට පසුගියදා කටයුතු කරනු ලැබුවා.