Wednesday, April 24, 2024

General line - 0115112241

මැතිවරණ කල්දැමිය හැකි 19යේ හිඩැසක් ඩලස් පෙන්වයි



19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් මෙරට මූලික නීතිය විහිළුවකට ලක්කර ඇති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩලස් අලහප්පෙරුම පවසනවා. ඊයේ (27) රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් වැඩසටනහට එක්වෙමින් මන්ත‍්‍රීවරයා මේ බව කියා සිටියා. 

පවතින තත්ත්වය යටතේ මැතිවරණ කොමිසමේ සාමාජිකයෙකු පැහැරගෙන යාමකින් හෝ අතුරුදන් කිරීමකින් මැතිවරණ පැවැත්වීම සම්පූර්ණයෙන් අඩපණ කළ හැකි තත්වයක් නිර්මාණය වී ඇති බවයි මන්ත‍්‍රීවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ. 

ඊයේ රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් මෙම සම්පූර්ණ වැඩසටහන පහතින් ශ‍්‍රවණය කළ හැකියි.