Saturday, April 20, 2024

General line - 0115112241

"අපි ඔබේ සතුරන් නොවෙයි" - පාකිස්ථාන හිටපු ක්‍රිකට් නායකයාගෙන් ඉන්දියාවට ආයාචනයක්

දිනුක් හේවාවිතාරණ




ඉන්දියාව සහ පාකිස්ථානය අතර ඇතිව තිබෙන යුධමය තත්ත්වය නතර කරන මෙන් තමන් දෙපාර්ශ්වයෙන්ම ඉල්ලා සිටින බව හිටපු පාකිස්ථාන ක්‍රිකට් නායක වසීම් අක්‍රම් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පෙන්වා දෙනවා.

"ඉන්දියාව, පාකිස්ථානය යනු ඔබේ සතුරෙක් බව නොසිතන්නැයි මම ඔබ සියළු දෙනාගෙන් ආයාචනය කර සිටිනවා. ඔබගේ සතුරා අපගෙත් සතුරායි. අප දෙපාර්ශ්යම සටන් කරන්නේ එකම සටනක් බව තේරුම් ගැනීමට තවත් කොපමණ ලේ ප්‍රමාණයක් වැගිරිය යුතුද? ත්‍රස්තවාදයට එරෙහි සටන ජය ගැනීමට අප දෙපාර්ශ්යම එක් විය යුතුයි"  වසීම් අක්‍රම් සිය පණිවිඩයෙන් කියා සිටිනවා.

ඉන්දියාව සහ පාකිස්ථානය අතර දේශසිමාවේ ඇතිවි තිබෙන උණුසුම්කාරි තත්ත්වය හමුවේ සාමය සඳහා දෙපාර්ශ්වය කටයුතු කළ යුතු බවට ජාත්‍යන්තර ප්‍රජාවද ඉල්ලීම් සිදුකර තිබෙනවා.