Tuesday, April 23, 2024

General line - 0115112241

පාකිස්ථානය යළිත් වරක් ඉන්දියාවට පහර දෙයි

දිනුක් හේවාවිතාරණ




පාකිස්ථානය විසින් යලිත් වරක් සිය හමුදා ඉදිරි ආරක්ෂක වළල්ල වෙත පහර දෙමින් සිටින බව ඉන්දීය යුධ හමුදාව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිනවා. පාකිස්ථානයේ පහර දීමට පිළිතුරු වශයෙන් තම හමුදාවද බර අවි යොදා ගනිමින් ප්‍රති ප්‍රහාර එල්ල කරන බවයි ඉන්දීය හමුදාව සඳහන් කරන්නේ.

ඉන්දු-පාකිස්ථාන දේශ සිමාවේ බාලාකොට්, මින්දාර් ඉදිරි ආරක්ෂක කළාපයට පාකිස්ථාන හමුදාව විසින් අද (01) සවස 6 සිට කාලතුවක්කු මෝටාර් බර අවි යොදා ගනිමින් පහර දෙමින් සිටින බවයි ඉන්දීය හමුදාව උපුටා දක්වමින් එරට මාධ්‍ය වාර්තා කරන්නේ.

ගතවු දින 07 ක කාලය තුලදී පාකිස්ථානය විසින් අවස්ථා ගණනාවකදී සටන් විරාම ගිවිසුම උල්ලංඝණය කරමින් ප්‍රහාර එල්ල කළ බවද ඉන්දියාව චෝදනා කරනවා.

මේ අතර ජම්මු හා කාශ්මීර් හි සිරිනගර් ප්‍රදේශයේ ත්‍රස්තවාදී කණ්ඩායමක් සමග ඇතිවූ ගැටුමකින් ඉන්දීය ආරක්ෂක අංශ සෙබළුන් සිවුදෙනෙක් මියගොස් ඇති බව මාධ්‍ය වාර්තා කරනවා.