Thursday, April 25, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ICC රැස්වීමට ඩුබායි යයි

කසුන් කැළුම්




අන්තර් ජාතික කි‍්‍රකට් කවුන්සිලයේ සාමාජිකත්වය දරන රටවල නියෝජතයින්ගේ රැස්වීමක් ඩුබායි නුවරදී අද (02) පැවැත්වෙනවා.

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය නියෝජනය කරමින් එහි සභාපති ශම්මි සිල්වා සහ උප සභාපති රවීන් වික‍්‍රමරත්න ඇතුලූ පිරිසක් ද ඊට සහභාගි වීමට නියමිතයි.

කි‍්‍රකට් නිලවරණය පැවැත්වීම කල්යාම හේතුවෙන් මාස හයකට වැඩි කාලයක් අන්තර් ජාතික කි‍්‍රකට් කවුන්සිලය ලබා දෙන මුදල් ප‍්‍රතිපාදන ශී‍්‍ර ලංකාවට හිමි වුයේ නැහැ. ඒ සම්බන්ධයෙන් අද පැවැත්වෙන රැස්වීමේදී ශී‍්‍ර ලංකා කි‍්‍රකට් නියෝජතයින් අන්තර් ජාතික කි‍්‍රකට් කවුන්සිලයේ නියෝජතයින් සමග සාකච්ඡා කිරීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව ශී‍්‍ර ලංකාවට ලැබිය යුතු ඇමෙරිකානු ඩොලර් මිලියන 17.5ක මුදල කඩිනමින් ලබා ගැනීම සම්බන්ධයෙන් මෙහිදී දෙපාර්ශ්වය අතර සාකච්ඡා කෙරෙනු ඇති.