Tuesday, April 23, 2024

General line - 0115112241

ගුවන් නියමුවා ඉන්දියාවට බාර දී පැය කිහිපයකින් ඉන්දියාව හා පාකිස්ථානය දරුණු ගැටුමක (VIDEO/PHOTOS)

දිනුක් හේවාවිතාරණ




ඉන්දියාව සහ පාකිස්ථානය අතර පවතින මතභේදාත්මක තත්ත්වය තවත් ත්‍රිව කරමින් ඊයේ (01) රාත්‍රියේදී දෙපාර්ශවයේ හමුදා අතර යලිත් වරක් සටන් ඇවිලී තිබෙනවා. ජම්මු හා කාශ්මීර් ඉදිරි ආරක්ෂක කළාපයේ පිහිටි අසාද් ප්‍රදේශයේ ගැටුම් දැඩිව පැවති බවයි මාධ්‍ය වාර්තා කර සිටියේ.

ඉන්දියාව සහ පාකිස්ථාන හමුදාව විසින් බර අවි සහ කෙටි දුර මිසයිල ප්‍රහාර එල්ල කර ගනිමින් සිදුකරන ලද ප්‍රහාර හේතුවෙන් සිවිල් වැසියන් කිහිප දෙනෙක් මියගොස් ඇති අතර තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බව පාකිස්ථාන මාධ්‍ය වාර්තා කර සිටිනවා.

මේ අතර ඉන්දීය හමුදාව විසින් පාකිස්ථානයේ ඉලක්ක කර ගනිමින් එල්ල කරනු ලැබූ කෙටි දුර මිසයිල ප්‍රහාර දෙකක් අසාද් ප්‍රදේශයට ඉහළ අහසේදී සාර්ථකව විනාශ කිරීමට පාකිස්ථාන හමුදාව සමත්වී තිබෙනවා. 

පාකිස්ථාන හමුදා අත්අඩංගුවේ පසුවූ ඉන්දීය ගුවන් නියමුවා ඊයේ රාත්‍රියේදී යළි ඉන්දීයාව වෙත භාර දීමෙන් අනතුරුව යළි දෙපාර්ශවය අතර බර අවි ප්‍රහාරය ඇරඹුණු බවයි පාකිස්ථාන මාධ්‍ය වාර්තා කර සිටියේ.