Saturday, April 20, 2024

General line - 0115112241

සුලෝහිත සංග්‍රහයේ වැඩි වාසිය නාලන්දා විදුහලට

කසුන් කැලුම්




සුලෝහිත කි‍්‍රකට් සංග‍්‍රාමයේ වැඩි වාසි අත්කර ගැනීමට කොළඹ නාලන්දා විද්‍යාලය සමත්ව සිටිනවා. මෙම තරගය අද (02) ආරම්භ වූයේ කොළඹ එස් එස් සී කී‍්‍රඩාංගනයේදීයි. පළමු දිනය නිමාවන විට කොළඹ ආනන්ද විද්‍යාලය කඩුළු 04ක් දැවී ලකුණු 52ක් ලබා අසීරු තත්ත්වයක පසුවුණා. 

ආනන්ද විද්‍යාලයීය පළමු ඉනිමට දැඩි පීඩනයක් එල්ල කළ නාලන්දා විද්‍යාලයේ වේග පන්දු යවන කී‍්‍රඩක දිනෙත් සමරවීර ලකුණු 22කට බිඳ හෙලූ කඩුළු සංඛ්‍යාව 03ක්. කොළඹ නාලන්දා විද්‍යාලය පළමු ඉනිම සඳහා ලකුණු සංඛ්‍යාව 269ක් රැස් කිරීමට සමත්වුණා. නාලන්දා විද්‍යාලය වෙනුවෙන් අවිශ්ක පෙරේරා රැස් කළ ලකුණු සංඛ්‍යාව 120ක්.

....................................................

සුලෝහිත සංග‍්‍රාමයේදී නාලන්ද පිතිකරුවෙකුගෙන් ශතකයක්

(02-03-2019 15:12)

කොළඹ ආනන්ද සහ නාලන්දා විද්‍යාල අතර පැවැත්වෙන සුලෝහිත කි‍්‍රකට් සංග‍්‍රාමයේදී ශතකයක් වාර්තා කිරීමට නාලන්දා විද්‍යාලයේ අවිශ්ක පෙරේරා අද (02) සමත්වුණා.

තේ පානය සඳහා තරගය නතර කරන විට පළමු ඉනිම සඳහා නාලන්දා විද්‍යාලය කඩුළු 04ක් දැවී ලකුණු 188ක් ලබා සිටියා. අවිශ්ක පෙරේරා රැස් කළ ලකුණු සංඛ්‍යාව 120ක්. තරගය පැවැත්වෙන්නේ කොළඹ එස් එස් සී කී‍්‍රඩාංගනයේදීයි.