Friday, April 19, 2024

General line - 0115112241

නිදහස් කෙරුණු ගුවන් නියමුවාගෙන් ඉන්දීය මාධ්‍යයට චෝදනා : පකිස්තාන අත්අඩංගුවේ සිටි සමයේදී මානසිකව පීඩාවකට ලක්වූ බව කියයි (VIDEO)

කසුන් කැලුම්




පකිස්තාන ආරක්ෂක අංශ භාරයේ සිට නිදහස් කෙරුණු ඉන්දීය ගුවන් නියමු වින්ග් කමාන්ඩර් අභිනන්දන ඉන්දීය මාධ්‍ය වෙත දැඩි චෝදනාවක් එල්ල කර තිබෙනවා. ඒ ඉන්දු පකිස්තාන ගැටුම සම්බන්ධයෙන් ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇති ඇතැම් පුවත් සම්බන්ධයෙන්. 

පකිස්තානු හමුදාව වෘත්තීයමය හමුදාවක් බවයි වින්ග් කමාන්ඩර් අභිනන්දන පැවසුවේ. හමුදාව භාරයේ සිටි කාලය තුළදී හමුදා නිලධාරීන් තමන් හොඳින් රැකබලා ගත් බවත් ඔහු සඳහන් කර තිබෙනවා. ඉන්දු පකිස්තා ගැටුම සම්බන්ධයෙන් ඇතැම් ඉන්දීය මාධ්‍ය අසත්‍ය ප‍්‍රචාර පතුරුවා හැර ඇති බවටද ඔහු චෝදනා එල්ල කළා.

ඔහු මේ බව කියා සිටියේ ඊයේ (01) පාකිස්තානයේ සිට යළි ඉන්දියාවට ඒමට පෙර වීඩියෝවක් රූ ගත කරමින් වීමද විශේෂත්වයක්. එම වීඩියෝව රූ ගත කර අවසන් වන තුරු ඔහුව යළි ඉන්දීය බලධාරීන් වෙත භාර දීම පාකිස්තාන ආරක්ෂක අංශ විසින් ප්‍රමාද කර තිබු බව ඉන්දීය මාධ්‍ය පසුව වාර්තා කර සිටියා.

කෙසේ වුවත් නිදහස් කිරීමෙන් අනතුරුව ගුවන් නියමු අභිනන්දන්ගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් සිදුකරන ලද විමර්ශනයකදී ඔහු කියා ඇත්තේ තමන් පාකිස්තාන නිලධාරීන්ගේ අත්අඩංගුවේ සිටි සමයේදී ශාරීරික පීඩාවකට ලක් නොවුවත් මානසිකව පිඩාවකට ලක්වූ බවයි. 

ඉන්දීය මාධ්‍ය විවේචනය කරමින් ඉන්දීය ගුවන් නියමුවා පාකිස්තාන අත්අඩංගුවේ සිටි අවස්ථාවේදී සිදුකරන ලද ප්‍රකාශය ඇතුලත් වීඩියෝව පහතින්.