Thursday, April 25, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා - දකුණු අපි‍්‍රකා පළමු එක්දින ගැටුම අද

කසුන් කැළුම්




තරග 5කින් සමන්විත ශී‍්‍ර ලංකා - දකුණු අපි‍්‍රකා  එක්දින කි‍්‍රකට් තරගාවලියේ පළමු තරගය අද (03) පැවැත්වෙනවා. ඒ දකුණු අපි‍්‍රකාවේ ජොහැන්නස්බර්ග් හීදි. 

මෙම තරගය ශී‍්‍ර ලංකා වේලාවෙන් පස්වරු 1.30ට ආරම්භ වීමට නියමිතයි.

දකුණු අපි‍්‍රකාව සහ ශී‍්‍ර ලංකාව අතර මේ දක්වා එක්දින තරගාවලි 9ක් පවත්වා ඇති අතර ඉන් වැඩිම තරගාවලි සංඛ්‍යාවක් ජයගෙන ඇත්තේ දකුණු අපි‍්‍රකාවයි. 

ඔවුන් ශී‍්‍ර ලංකාවට එරෙහිව එක්දින තරගාවලි 6ක් ජය ගැනීමට සමත්ව තිබෙනවා. ශී‍්‍ර ලංකාව දකුණු අපි‍්‍රකාවට එරෙහිව වාර්තා කර ඇත්තේ එක්දින තරගාවලි දෙකක් පමණයි. 

එම තරගාවලි දෙකම ශී‍්‍ර ලංකාව ජය ගෙන ඇත්තේ සිය මවුරටේදී වීම විශේෂත්වයක්. ශී‍්‍ර ලංකා කණ්ඩායම මෙතෙක් දකුණු අපි‍්‍රකාවේදී එක්දින තරගාවලි ජයක් වාර්තා කිරීමට සමත්කම් දක්වා නැහැ. අවසන් වරට දෙරට අතර පැවති එක්දින තරගාවලි 3ම ජයගෙන ඇත්තේ දකුණු අපි‍්‍රකාවයි. 

ශී‍්‍ර ලංකාව 2013 වසරෙන් පසුව දකුණු අපි‍්‍රකාවට එක්දින තරගාවලි ජයක් වාර්තා කිරීමට සමත්කම් දක්වා නැහැ.

ශී‍්‍ර ලංකාව සහ දකුණු අපි‍්‍රකාව අතර මේ දක්වා පවත්වා ඇති එක්දින තරග සංඛ්‍යාව 71ක්. ඉන් වැඩිම එක්දින තරග සංක්‍යාවක් ජය ගෙන ඇත්තේ දකුණු අපි‍්‍රකාවයි. ඔවුන් තරග 38ක් ජය ගත් අතර ශී‍්‍ර ලංකාව එක්දින තරග 31ක් ජය ගැනීමට සමත් වුණා. 

දෙරට අතර දකුණු අපි‍්‍රකාවේදී මේ දක්වා එක්දින තරග 28ක් පවත්වා ඇති අතර  ඉන් තරග 20ක් ජය ගැනීමට දකුණු අපි‍්‍රකානු කණ්ඩායම සමත් වුණා. ශී‍්‍ර ලංකාව දකුණු අපි‍්‍රකාවට එරෙහිව එරටදී ජය ගෙන ඇත්තේ තරග 7ක් පමණයි. 

ශී‍්‍ර ලංකාව සමග අවසන් වරට සිය මවු රටේදී සහභාගි වූ එක්දින තරග 5ම දකුණු අපි‍්‍රකාව ජයගෙන තිබීම විශේෂත්වයක්.

දකුණු අපි‍්‍රකාව මේ වන විට එක්දින ශ්‍රේණිගත කිරීම් සටහනේ සිවුවන ස්ථානයේ පසුවන අතර ශී‍්‍ර ලංකාව එම සටහනේ 8 වන ස්ථානයේ පසුවනවා.