Friday, March 29, 2024

General line - 0115112241

"උතුම් ථේරවාදී බුදුදහම ලොවට බෙදා හරින මූලස්ථානය ලංකාව කළ යුතුයි"




උතුම් ථේරවාදී බුදුදහම ලොවට බෙදා හරින ධර්ම ප‍්‍රචාරක මූලස්ථානය බවට ශ‍්‍රී ලංකාව පත් කළ යුතු බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවසනවා.

ඒ වෙනුවෙන් සිය වගකීම් ඉටු කරන බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ. පේරාදෙණිය ඊරියගම ශ‍්‍රී සුබෝධාරාම විහාරස්ථානයේ අභිනව සද්ධර්මරාජා බුද්ධගයා මහා ස්තූපය විවෘත කිරිමේ අවස්ථාවට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.