Wednesday, April 24, 2024

General line - 0115112241

ක්‍රිස්ගේල්ගෙන් යළි වේගවත් ඉනිමක් - පන්දුවාර 12කින් ඉලක්කය ජයගනී (PHOTOS)

කසුන් කැළුම්




සංචාරක එංගලන්ත කණ්ඩායම සමග ඊයේ පැවැති තරගයේදී යළි වේගවත් ඉනිමක් කී‍්‍රඩා කිරීමට කොදෙව් පිතිකරු කි‍්‍රස් ගේල් සමත්වුණා.

ඊයේ පැවැති මෙම තරගය කොදෙව් කණ්ඩායම ජය ගත්තේ කඩුළු 07කින්. පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම ලකුණු 113කට සීමා කීරීමට කොදෙව් පන්දු යවන්නන් සමත්වුණා.

කොදෙව් පිතිකරුවන් එම ඉලක්කය පසු කර ගියේ 12වන පන්දු වාරයේදීයි. වේගවත් ඉනිමක් කී‍්‍රඩා කළ කි‍්‍රස්ගේල් පන්දු 27කදී රැස් කළ ලකුණු සංඛ්‍යාව 77ක්. ඔහුගේ ඉනිමට හයේ පහර 09ක් සහ හතරේ පහර 05ක් ඇතුළත් වුණා.

කි‍්‍රස්ගේල් මෙම තරගයේදී අර්ධ ශතකය වාර්තා කළේ පන්දු 19කදීයි. එක්දින තරගයක කොදෙව් පිතිකරුවෙකු වාර්තා කළ වේගවත්ම අර්ධ ශතකය ලෙස ද මෙය සටහන් වුණා.