Friday, March 29, 2024

General line - 0115112241

ඉම්රාන් සහ එන්ගිඩි ශ්‍රී ලංකා ඉනිම ලකුණු 231කට සිමා කරයි

කසුන් කැලුම්




දකුණු අප්‍රිකාව සමග පැවැත්වෙන පළමු එක්දින තරගයේදී පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 231ක් රැස් කර ගනු ලැබුවා. ඒ පන්දුවාර 47 ක් තුලදී.

කාසියේ වාසිය දිනු දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුලු දෙක ලකුණු 23 කට දැවී ගියා. සිය මංගල එක්දින තරගයට ක්‍රීඩා කළ ඕෂද ප්‍රනාන්දු (49) සහ කුසල් ජනිත් පෙරේරා (33) එක්ව තුන්වන කඩුල්ල සඳහා ලකුණු 76ක් එක් කරනු ලැබුවා.

ඉම්රාන් තාහීර් විසින් කුසල් ජනිත් පෙරේරා දවා ගැනීමත් පසුව ලකුණු අතර සිටි ඕෂද ප්‍රනාන්දු ආවාසනාවන්ත අයුරින් ලකුණු 49ක් ලබා සිටියදී දුවද්දී දැවී යන විට ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 17 ක් අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 101ක් ලබා සිටියා. 

ධනංජය සිල්වා සහ කුසල් පෙරේරා කඩා වැටී තිබුණු ශ්‍රී ලංකා ඉනිම යළි ගොඩ නගමින් 05 වන කඩුල්ල සඳහා අගනා ලකුණු 94ක් එක් කළ අතර නැවත වරක් ක්‍රියාත්මක වූ ඉම්රාන් තාහිර් ධනංජය සිල්වාගේ කඩුල්ල දවා ගත්තේ ඔහු ලකුණු 39ක් ලබා සිටියදී.

ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ කුසල් මෙන්ඩිස් ලකුණු 60ක් ලබා ගෙන සිටියදී දැවී යාමෙන් පසුව පසුපෙළ පිතිකරුවන්ට ස්ථාවර වීමට ඉඩ නොදුන් දකුණු අප්‍රිකානු පන්දු යවන්නන් ශ්‍රී ලංකා ඉනිම ලකුණු 231 කට සිමා කරනු ලැබුවා.

දකුණු අප්‍රිකාව වෙනුවෙන් සාර්ථක පන්දු යැවීමක නිරතවූ ඉම්රාන් තාහිර් සහ ලුන්ගි එන්ගිඩි කඩුලු 3 බැගින් දවා ගනු ලැබුවා.

........................................................................

ශ‍්‍රී ලංකා ඉනිමේ මුල් කඩුළු 03 බිඳ වැටෙයි

(03-03-2019 14:54)

සංචාරක ශ‍්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අපිි‍්‍රකානු කණ්ඩායම අතර පළමු එක්දින කි‍්‍රකට් තරගය ජොහැනස්බර්ග් හිදී දැන් පැවැත්වෙනවා. කාසියේ වාසිය දිනූ දකුණු අපි‍්‍රකානු කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට ශ‍්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළා. 

ඒ අනුව පිටියට පිවිසි ශ‍්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් යුගලට සාර්ථක වීමට දකුණු අපිි‍්‍රකානු වේග පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැහැ. නිරෝෂන් දික්වැල්ල ලකුණු 08කටත්, උපුල් තරංග ලකුණු 09කටත් දැවී ගියා. කුසල් ජනිත් පෙරේරා දැවී ගියේ ලකුණු 33කට දැවී ගියා.

ඕෂධ ප‍්‍රනාන්දු නොදැවී ලකුණු 48ක් ලබා ගෙන සිටිනවා.  ඕෂධ ප‍්‍රනාන්දු සහභාගී වන මංගල එක්දින තරගය ද මෙය වනවා. ශ‍්‍රී ලංකා කණ්ඩායම මීට නොබෝ වේලාවට පෙර පන්දුවාර 17ක් අවසානයේ කඩුළු 03ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 100ක්.