Thursday, April 25, 2024

General line - 0115112241

පැයට කිලෝමිටර් 265ක වේගයෙන් ටොනේඩෝවක් (VIDEO)

දිනුක් හේවාවිතාරණ - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




අමෙරිකාවේ ඇලබාමා ප්‍රාන්තයට බලපෑ හදිසි ටොනේඩෝ තත්ත්වයක් හේතුවෙන් පුද්ගලයින් 14 දෙනෙක් මිය ගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ මියගිය පිරිස අතර කුඩා ළමුන්ද සිටින බවයි.

"ටොනේඩෝව හේතුවෙන් විනාශයට පත්වු නිවාස සහ වෙළදසැල් තුල සිරවි සිටින පුද්ගලයින් බේරා ගැනීමට සහන සේවකයින් පියවර ගනිමින් සිටිනවා. තවත් පුද්ගලයින් විශාල පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර සිටිනවා"  යැයි ඇලබාමා ප්‍රාන්තයේ ආණ්ඩුකාර කේයී අයිවී ප්‍රකාශ කර තිබෙනවා.

අමෙරිකානු කාළගුණ මධ්‍යස්ථානය පැවසුවේ අවසන් වරට හමාගොස් ඇති ටොනේඩෝව පැයට කිලෝමිටර් 265ක වේගයෙන් හමාගෙන ගොස් ඇති බවයි.