Thursday, April 25, 2024

General line - 0115112241

ශ‍්‍රී ලාංකික බැංකු සහ වෙනත් සමාගම් ද දැන් ණය අර්බුදයක

සජිත් තිලකරත්න




රටක් වශයෙන් ශ‍්‍රී ලංකාව ණය අර්බුදයක පැටලී ඇති සේම ශ‍්‍රී ලාංකික බැංකු සහ වෙනත් සමාගම් ද දැන් ණය අර්බුදයකට මුහුණ දී ඇතැයි කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ප‍්‍රියංග දුනුසිංහ පෙන්වා දෙනවා.

කොටස් වෙළඳපොල සහ සෙසු ආර්ථික ක‍්‍රියාකාරකම් නිරීක්ෂණයේදී ද මෙය තහවුරු වන බවයි ඔහු පැවසුවේ. පාර්ලිමේන්තුවට හෙට (05) ඉදිරිපත් කිරීමට නියමිත 2019 අයවැය පිළිබඳ නෙත් නිවුස් කළ විමසීමක දී මෙම කරුණු ප‍්‍රකාශ කෙරුණා. 

බැංකු සහ සමාගම්වල මූල්‍ය අර්බුදය යනු සාමාන්‍ය ජනතාව මුහුණ දී සිටින ආර්ථික පීඩාවන්ගේ නිරූපණයක් බවද මෙහිදී විස්තර කෙරුණා. 

පවතින මෙම අර්බුදකාරී තත්වයෙන් නිදහස් වීමට නම් ආර්ථික කාර්ය සාධනයේ පවතින දුර්වලතා වහාම නිවැරදි විය යුතු බවද ආචාර්ය ප‍්‍රියංග දුනුසිංහ මෙහිදී පෙන්වා දුන්නා.