Tuesday, April 23, 2024

General line - 0115112241

තිලංග සුමතිපාල ගැන ක්‍රිකට් ආයතනයෙන් නිවැරදි කිරීමක්

කසුන් කැලුම්




ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සමග ඊයේ (03) පැවති සාකච්ජාව සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපති තිලංග සුමතිපාල සහභාගිවූ බවට සඳහන් කරමින් තමන් එවූ මාධ්‍ය නිවේදනය නිවැරදි විය යුතු බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය යළි නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කරන්නේ ඊයේ පැවති ඉහළ පෙළේ සාකච්ජාව සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සමග එක්වුයේ වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා පමණක් බවයි.

ඊට අමතරව ICC නිලධාරීන් සමග පැවති අනෙක් සාකච්ජා සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා සහ හිටපු සභාපති තිලංග සුමතිපාල එක්වූ බව ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිනවා.