Thursday, April 25, 2024

General line - 0115112241

ඉන්දියාවට දුන් සහනයක් ඉවත් කිරීමට අමෙරිකාව තීරණය කරයි

පවිත්‍රා මධුහර්ශනී - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




ඉන්දියාවට ලබා දෙන වරණිය තීරු බදු සහනය ඉවත් කිරීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් තීරණය කර තිබෙනවා.

ජනාධිපති ට‍්‍රම්ප් පවසන්නේ සිය රට ලබා දී තිබූ තීරු බදු සහනයෙන් නිසි ප‍්‍රයෝජන ලබා ගැනීමට ඉන්දියාව අපොහොසත් වී ඇති බවයි. වෙළඳ සහ ආර්ථික සංවර්ධනය පදනම් කර ගනිමින් සංවර්ධනය වෙමින් පවතින රටවල් 120ක් සඳහා අමෙරිකාව තීරු බදු පැනවූයේ නැහැ.

එම රටවල් අතරට ඉන්දියාව ද අයත්.

කෙසේවෙතත් ජනාධිපති ට‍්‍රම්ප් ගත් තීරණය හමුවේ ඉදිරියේදී ඉන්දියාවේ මෝටර් රථ හා යතුරුපැදි අපනයනය සඳහා බලපෑම් එල්ල වනු ඇතැයි අපේක්ෂිතයි.  වසරකට අමෙරිකානු ඩොලර් බිලියන 5.6ක පමණ භාණ්ඩ ඉන්දියාව විසින් අමෙරිකාවට අපනයනය කරනු ලබන බවයි විදෙස් වාර්තා පවසන්නේ.