Tuesday, May 21, 2019
Hotline - 0770586666

සිය පාරිභෝගිකයින් වෙනුවෙන් කාගිල්ස් ආයතනය විසින් Good Harvest යන නාමකරණය අද හඳුන්වා දෙයි

454Views

 

 

 

සිය පාරිභෝගිකයින් වෙනුවෙන් ප්‍රමිතිය සහතික කල නැවුම් නිෂ්පාදන පෙලක් හඳුන්වාදෙමින් කාගිල්ස් ආයතනය විසින් Good Harvest යන නාමකරණය අද හඳුන්වා දෙනු ලැබුවා.කාගිල්ස් ආයතනයේ තෝරාගත් සුපිරි වෙළඳසැල් ගණනාවකදීම මෙම නිෂ්පාදන පාරිභෝගිකයින්ට ලබා ගත හැකි අතර ඇසුරුමේ සඳහන් QR කේතය පරීක්ෂා කිරීම මඟින් බෝගය වගාකල ගොවි මහතාගේ සියලූම විස්තර ලබා ගත හැකිවෙනවා.

දිවයිනම ආවරණය වන පරිදි එකතු කිරීමේ මධ්‍යස්ථාන 10ක් හරහා නැවුම් එළවළු සහ පලතුරු ටොන් 140 ක ප්‍රමාණයක් කාගිල්ස්   ආයතනය විසින් ගොවීන්ගෙන් ලබා ගන්නා අතර ,ගොවීන් හා ඒකාබද්ධ වූ මෙම කෘෂි ව්‍යාපාරය හරහා අතරමැදියන්ගෙන් තොරව අස්වනු මිලට ගනු ලබනවා.එම නිසාම අපතේ අයන් අස්වනු ප්‍රමාණය 40% සිට 8% දක්වා අවම කිරීමටද හැකි වී තිබෙන අතර අද හඳුන්වා දෙනු ලැබූ ව්‍යාපෘතියට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අනුමැතිය සහ සහයෝගයද හිමි ව තිබෙනවා.