Thursday, March 28, 2024

General line - 0115112241

නවකයින්ගේ හැකියාවන් ගැන මාලිංග සෑහීමකට පත්නොවන බව කියයි

කසුන් කැළුම්




නවක ක‍්‍රිකට් ක‍්‍රීඩකයින්ගේ වෘත්තීමය ක‍්‍රිඩා හැකියාවන් පිළිබඳ තමන් සෑහීමකට පත් නොවන බව ශ‍්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නායක ලසිත් මාලිංග පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ නවක ක‍්‍රීඩකයින්ට ලබාදෙන අවස්ථාවලින් ඔවුන් උපරිම ප‍්‍රයෝජන ලබා නොගන්නා බවයි.

දකුණු අප‍්‍රිකාව සමග ඊයේ (06) පැවති තරගයෙන් පසු මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු මේ බව ප‍්‍රකාශ කළා. 

ආරම්භක පිතිකරුවෙකු කෙටි ඉණිම් ක‍්‍රීඩා කිරීමෙන් කණ්ඩායමට ඵලක් නොවන බවයි මෙහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණේ.

ශ‍්‍රී ලංකා - දකුණු අප‍්‍රිකා 03 වන එක්දින ක‍්‍රිකට් තරගය ලබන 10 වැනිදා ඩර්බන්හිදී පැවැත්වීමට නියමිතයි.