Monday, July 22, 2019
Hotline - 0770586666

එකම ගමේ පස්දෙනෙක් අද්භූත සත්ත්වයෙක් දකියි - වලස්මුල්ලේ ගමක් 'නිට්ටෑවෝ' භීතියෙන් ඇලලෙයි

ගුණරත්න ගමගේ - වලස්මුල්ල

6602Views

 

 

 



වලස්මුල්ල ප්‍රදේශයේ ගම්මානයක් අද්භූත සත්ත්වයෙකු පිළිබඳ භීතියෙන් ඇලලී ගොස් තිබේ.

නිට්ටෑවන් යැයි ගම්වාසින් සැක කරනා මෙම අද්භූත සත්ත්වයා ඊයේ රාත්‍රීයේ (08) වලස්මුල්ල, දෙහිගහහේන ප්‍රදේශයේ විදපොල ගම්මානයේ ගම්වාසීන් පස්දෙනෙකු පමණ දුටුවා යැයි ගම්වාසීන් පවසති.

එම ගම්මානයේ නිවසක තරුණියක විසින් ඊයේ රාත්‍රීයේ සිය නිවසේ වතුර ටැංකිය අසළදී මෙම සත්ත්වයා දැක තිබෙනා බව කියනා අතර ඇයගේ කෑ ගැසීමට එම ස්ථානයට පැමිණි ඇයගේ මවද එම සත්ත්වයා දුටුවා යැයි කියති. ඉන්පසුව මෙම සත්ත්වයා එම ස්ථානයෙන් දුවගොස් කැළෑ වැදුනු බව ගම්වාසීන් සඳහන් කරති.

නිට්ටෑවෙකු යැයි ගම්වාසීන් හඳුන්වන මෙම සත්ත්වයා දිව ගිය මාර්ගයේ තණකොළ තැලී ඇති බව නෙත් නිවුස් ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කරයි. මේ අතර එම නිවසට යාබද නිවසේ දෙදෙනෙකු හා රාත්‍රීය පුරා එම කැළෑව පරීක්ෂා කළ තරුණ කණ්ඩායමක තරුණයෙක්ද එම සත්ත්වයා දැක තිබෙන බවට ප්‍රකාශ කරයි.

කෙසේ වෙතත් නිට්ටෑවන් යැයි සමාජයේ හැඳින්වෙන සත්ත්වයා සැබැවින්ම ජීවත් වන බවට කිසිඳු විද්‍යාත්මක හෝ පුරාවිද්‍යාත්මක සාක්ෂියක් තවම හමු වී නැත. සමාජයේ මෙම පුවත පැතිරීමත් සමග ඒ පිළිබඳව ඇති වන දැඩි පුද්ගල විස්වාසයන් නිසා මෙවන් රාව පැතිරී යන බව විශේෂඥ මනෝ වෛද්‍ය මතයයි.

නිට්ටෑවන් පිළිබඳ සමාජයේ පැතිරෙන මතයේ සත්‍යය මින්පෙර නෙත් අන්ලිමිටඩ් වැඩසටහනේදි සාකච්ඡා වූ අතර එම වැඩ සටහන පහතින්,

‍රටම කතා කරන නිට්ටෑවන් ගැන ඇත්ත

නිට්ටෑවන් පිළිබඳ සමාජයේ පැතිරෙන මතයේ සත්‍යය මින්පෙර නෙත් බැලුම්ගල වැඩසටහනේදි සාකච්ඡා වූ අතර එම වැඩ සටහන පහතින්.