Saturday, April 20, 2024

General line - 0115112241

දැවැන්ත පරාජයක් නිසා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම කි‍්‍රකට් වාර්තා පොත් අතරට

තරංග රුක්ෂාන් ජයසේකර




ලොව ටෙස්ට් වරම් දිනූ කණ්ඩායමක් පන්දුවාර විස්සයි 20 කි‍්‍රකට් පිටියේ තරගයක දැවී ගිය අඩුම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ නම ඉදිරියේ සටහන් වී තිබෙනවා. ඒ, එංගලන්තය සමග පැවැති දෙවන පන්දුවාර 20 තරගයේදීයි. 

තරගයේ ප‍්‍රථමයෙන් පන්දුවට පහරදුන් එංගලන්තය එහිදී ලකුණු 182ක් රැස් කළා. කොදෙව් කණ්ඩාමට රැස් කර ගත හැකි වූයේ ලකුණු 45ක් පමණයි. දක්ෂ පන්දු යැවීමන නිරත වූ කි‍්‍රස් ජෝඞ්න් ලකුණු 06කට කඩුළු 04ක් බිඳ හෙලූවා. ලෝක ටෙස්ට් කි‍්‍රකට් වාර්තාවලට අනුව පන්දුවාර විස්සයි 20 තරගයකදී අඩුම ලකුණු සංඛ්‍යාවකට දැවී ගොස් ඇත්තේ නෙදර්ලන්තයයි. ලකුණු 39කට ඔවුන් දැවී ගියේ ශ‍්‍රී ලංකාව හමුවේයි. එහෙත් නෙදර්ලන්තය මේ දක්වා ටෙස්ට් වරම් දිනා ගෙන නැහැ.